Divaina - මහාධිකරණයෙන් ඇප ලබාගත හැකි වන පරිදි වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනතට සංශෝධන

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  සමන් ගමගේ
 
courtpetsin2015 අංක 04 දරණ වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට මහාධිකරණයෙන් ඇප ලබාගත හැකි පරිදි එම පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය.
 
 මේ දක්වා කි‍්‍රයාත්මක වූ ආකාරයට අනුව එම පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප ලබාගැනීමට අවස්ථාව හිමිවූයේ අභියාචනාධිකරණයෙන් පමණි.
 
 එම තත්ත්වය තුළ රටේ ඕනෑම ප‍්‍රදේශයක පුද්ගලයකු වින්දිතයන් හා සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ පනත ප‍්‍රකාරව පොලිස් අත්අඩංගුවට ගතහොත් ඔවුනට ඇප ලබා ගැනීම ස`දහා කොළඹට පැමිණීමට සිදුවන තත්ත්වයක් ඇති වූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
 
 එසේම කිසියම් පුද්ගලයකුු මෙම පනත යටතේ වැරදි ආකාරයට අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් අභියාචනාධිකරණයෙන් ඇප ගැනීමට සිදුව තිබීම නිසා දීර්ඝ කාලයක් නිකරුණේ සිරගතව සිටීමට සිදුවන තත්ත්වයක් ද ඇති වූ බවද උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය.
 
 අදාළ සියලූ කරුණු සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බවද හෙතෙම පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ ඊයේ (12 වැනිදා* රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ කරුණු ස`දහන් කළේය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles