ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා
තැන්පත්කරුවන් විසින් ඊ. ටී. අයි. සමාගමේ තැන්පත් කරන ලද රුපියල් බිලියන 6.48 ක මුදලක් වංචා කිරීම, එකී මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් සිවුදෙනා ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඞ් මිහාර් මහතා ඊයේ (12 දා* පස්වරුවේ නියෝග කළේය.
ජීවක එදිරිසිංහ, දිපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා නාලක එදිරිසිංහ නමැති එම සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසට සැකකරුවන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝග එදින නිකුත් කිරීමට තීරණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් හා ඔවුන් ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඇප නියම නොකරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිපි්රයා ජයසුන්දර මහත්මිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඔවුන් සිදුකර ඇති වරදේ බරපතළකම හා ඇප ලබාදීමක් සිදු කළහොත් ඇති විය හැකි මහජන කැළඹීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දක්වන එම කරුණු සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බැවින් හා සිය සේවාදායකයන් කිසිදු දිනක අධිකරණය මඟහැර ගොස් නොමැති බැවින් රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න, අසේල රැුකව හා අනුර සෙනවිරත්න යන මහත්වරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
රජයේ අධිනීතිඥ තාක්ෂ්යා ගජනායක මෙනවිය, රජයේ අධිනීතිඥ චතුරි විජේසූරිය මෙනවිය හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ සඳුන් සේනාධිපති, චමත් ගමගේ, කිත්සිරි වීරසූරිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය මහතා ඊ. ටී. අයි. තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම්
සුරැුකීමේ ස්වාධීන සංවිධානය වෙනුවෙන් පෙනී සිටියහ.