Divaina - සේරුවාවිල රත්තරන් ගවේෂණයට ඇමෙයිකා සමාගමට බලපත‍්‍රයක් දුන්නා... භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ජගත් කණහැරආරච්චි
 
 goldsසේරුවාවිල ප‍්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ඛනිජ නිධියේ පවතින රත්තරන් ඇතුළු අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය සඳහා මීට මාසයකට පමණ පෙරදී ඇමෙයිකා නමැති
 
 සමාගමක් සඳහා තම ආයතනය මගින් ගවේෂණ බලපත‍්‍රයක් නිකුත් කර ඇතැයි භූ විද්‍යා සහ පතල් කැණීම් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීහු පවසති.
 
 මෙම සමාගම කැනේඩියා-ශ‍්‍රී ලංකා අනුබද්ධ  සමාගමක් බවත්, සේරුවාවිල නිධියේ වර්ග කිලෝමීටර් හයක වපසරියක් තුළ මෙම බලපත‍්‍රයට අනුව ඔවුන්ට සමීක්ෂණ කටයුතු සිදු කළ හැකි බවත් එම නිලධාරීහු අනාවරණය කළහ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12දා* පරිසර අමාත්‍යාංශ
 
 ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස නිලධාරීහු මෙම කරුණු අනාවරණය කළහ. ගවේෂණ බලපත‍්‍ර ලබාගෙන සමීක්ෂණ කටයුතු සිදු කළද ඔවුන්ට කැණීම් බලපත‍්‍ර අනිවාර්යයෙන් ලබා දිය යුතු බවට නීතියක් නැති බව ඔවුහු මෙහිදී සඳහන් කළහ. මෙම අවස්ථාවට පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles