Divaina - ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සමන් ගමගේ
 
 com135කොළඹ ඇතුළු තදාසන්න නගරවල පොදු ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑම ස`දහා ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සුඛෝපභෝගී නව බස් රථ 200ක් මිල දී  ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
 පෞද්ගලික වාහන හේතුවෙන් ඇතිවන මාර්ග තදබදයට පිළියමක් ලෙස මගීන්ට සුවපහසුවෙන් ගමන් කළ හැකි නවීන පහසුකම් සහිත පොදු ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑම රජයේ අපේක්‍ෂාව බව සම කැබිනට් ප‍්‍රකාශක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.
 
 කොළඹ ඇතුළු තදාසන්න නගර ආසන්නයේ වාහන නවතා තැබීමේ පහසුකම් ඇති කර විවිධ කාර්යයන් සඳහා නගරයට එන පිරිස්වලට එතැන් සිට තම අවශ්‍යතාවන් ස`දහා මෙම පොදු ප‍්‍රවාහන සේවය ඔස්සේ ගමන් කිරීමට හැකි වනු ඇත. ඒ අනුව පෞද්ගලික වාහන හේතුවෙන් ඇති වෙන වාහන තදබදය අවම වෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
 
 දැනට ඇති බස් රථවලට වඩා මගී සුවපහසුව සහිත කෙටි දුර ධාවනය සඳහා උචිත බස් රථ මිල දී ගැනීමේ ඇති අවශ්‍යතාව මත ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමි වූ බවද ඇමැතිවරයා පැවසීය.
 
 කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ ඊයේ (12 වැනිදා* රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා මේ බව ස`දහන් කළේය.
 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles