සුජීව තත්සර
පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ඒ පිටුපස සිටින බලවේගවලට නිසි දඬුවම් ලබා නොදුනහොත් ඒ සඳහා වෙනත් විකල්ප කි‍්‍රයාමාර්ගයන්ට යොමු වන්නට සිදුවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය.
කොළඹ අගරදගුරු මැඳුරේ සිට ඊයේ (3 දා* මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල්තුමා මේ බව පැවැසීය.
මෙරට කතෝලික ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටුණහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ වගකීම මෙලෙස වෙනත් විකල්ප කණ්ඩායම්වලට පැවරීමට සිදුවන බවට ද කාදිනල්තුමා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව කෙරෙන පරීක්ෂණ කටයුතු එදිනෙදා පැමිණෙන ප්‍රශ්න හේතුවෙන් පසුපසට ඇද නොදැමිය යුතු බවත් කිසිවකුගේ බලපෑමකට යටත්ව ආරක්ෂක අංශ කි‍්‍රයා නොකළ යුතු බවත් කාදිනල්තුමා පැවැසීය.
බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සැබෑ තත්ත්වය හඳුනාගත යුතු බවත් කිසිවකු සමග ‘ඞීල්’ සංස්කෘති ඇති කර ගනිමින් මේ සිදුවීම සඟවාලීමට උත්සාහ නොගත යුතු බවත් ජනාධිපතිවරයා සහ රජය ලබාදුන් පොරොන්දුව ඉටුකරමින් රට හමුවේ සත්‍ය හෙළිදරව් කළ යුතුව ඇති බවත් කාදිනල්තුමා සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට මුලසිට කටයුතු කළ වත්මන් රජය පිළිබඳව තමා තබා තිබෙන විශ්වාසය බිඳ වැටීමට කටයුතු කළහොත් වෙනත් විකල්ප කරා යමින් වෙනත් කණ්ඩායමකට මෙය පැවරීමට කටයුතු කිරීමට සිදුවන බවද කාදිනල්තුමා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව කෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා නිසි ලෙස ඉටුවනු ඇතැයි තමන් තවදුරටත් විශ්වාසය තබා බලා සිටින බවද මැල්කම් රංජිත් කාදිනල්තුමා වැඩිදුරටත් පැවැසීය.
වරයාගේ කාර්යන් ඉටු කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පත්කර තිබිණි.