Divaina - මාතලේ නගරාධිපති ධුරයෙන් ඩල්ජිත් නෙරපයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 sarojn11111


 මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාට ඉදිරිපත් තිබූ චෝදනා විමර්ශනය ස`දහා පත් කළ කමිටුවේ වාර්තාව කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය විසින් මධ්‍යම ආණ්ඩුකාරවරයාට භාරදුන් අයුරු.

 
daljik333නගරාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි හා චෝදනා රැසක් සැලකිල්ලට ගනිමින් සංශෝධිත මහ නගර සභා ආඥා පනත යටතේ ඔහු වැරදි සිදුකර ඇද්ද යන්න පිළිබඳ මාස තුනක කාලසීමාවක් තුළ පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කිරීමට ආණ්ඩුකාරවරයා විසින් පියවර ගෙන තිබිණි. ඒ සම්බන්ධ විමර්ශනයක් සිදුකිරීම සඳහා විශ‍්‍රාමලත් විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කෙරුණු අතර එම විමර්ශන වාර්තාව පසුගිය 24 දා ඇය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා වෙත භාරදෙනු ලැබීය.
 
 අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු අනුව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිය ධුරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහ නගර සභා ආඥාපනතේ (252 අධිකාරිය* 277 (ෂ* (අ*, (ඇ*, (ඈ* සහ (ඉ* වගන්තිවල ස`දහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින් මහ නගර සභා ආඥා පනත යටතේ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල අනුව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතා ආණ්ඩුකාරවරයා විසින් ධුරයෙන් පහකර ඇත.
 
 අදාළ විමර්ශනය ආරම්භ කරමින් නගරාධිපතිවරයා පසුගිය අගෝස්තු මස ධුරයෙන් තාවකාලිකව ඉවත් කරනු ලැබූ අතර, ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් නගරාධිපතිවරයාගේ කාර්යන් ඉටු කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප‍්‍රකාශ් මහතා පත්කර තිබිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles