Divaina - නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

paarer
 
 රනිල් ධර්මසේන, අකිත පෙරේරා
 
වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (03දා* පෙරවරු 9.30 ට
 
 රැුස්විණි.
 
විවාදය ආරම්භ කරමින් ගම්පහ දිස්ත‍්‍රික් මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ*-
 
 එල්ටීටීඊය සිවිල් පුද්ගලයන් ඉදිරි පෙළට දැමුවත් අපි සිවිල් පුද්ගලයන් ඝාතන කළේ නැහැ. විදේශීය සංවිධාන කියන විදිහට හතළිස් දහස් ගානක් ඝාතනය වුණේ නැහැ. ඕනෙ නම් පන්දාහක් හයදාහක් විතර විතර මිය යන්න ඇති. එල්ටීටීඊය යුද කටයුතුවලට ඉදිරිපෙළ බංකර්වලට යොදාගත් සිවිල් වැසියන් හිටියා. අපි සිවිල් වැසියන් බේරා ගත්තා. අද ඉන්න යුද හමුදාපති මේවා දන්නවා. ත‍්‍රස්තවාදී ගිනි පුපුරු නැවතත් අළු යට තියෙනවා. ක්ලේමෝ බෝම්බයක් සමග හිටපු කොටි සාමාජිකයෙක් ඔහුගේ බිරිඳ සමග අත්අඩංගුවට ගත් බව අදත් ප‍්‍රවෘත්තියක් ගියා. රට සුරක්ෂිතයි කියා හීන බැලූවට මදි අපි එ් ගැන සොයා බැලිය යුතුයි. මේ බෝම්බය හදන්න ආම්පන්න ආවේ කොහෙන්ද, හැදුවේ කොහේද කියා බුද්ධි අංශ ගැඹුරින් සලකා බැලිය යුතුයි.
 
 ඊයේ ආ කුණාටුව මීට දවස් තුන හතරකට කලින් ආවා නම් ඉවරයි මහවිරු දිනය දවසේ. ඉස්සෙල්ලම වැදුනේ මහ විරු දිනය අතුගා දැමූ ප‍්‍රදේශයට. දෙමළ ජනතාවට අපි ආදරෙයි. ජනතාවට හානි වෙනවට අපි කැමැති නැහැ. නමුත් මහවිරු දිනය කියමින් මෙතැන කතාකරන අය හැම තිස්සෙම ජාතිවාදය අවුස්සන්න හදනවා. මහවිරු දිනය සමරන්න දෙන්න බැහැ. එල්.ටී.ටී.ඊ.ය තවමත් මේ රටේ තහනම් සංවිධානයක්. යුරෝපයේ පවා තහනම්. එංගලන්තයේ ප‍්‍රභාකරන්ගේ කටවුට් එකක් විශේෂ හමුදා කණ්ඩායමක් විසින් ගළවා දැමුවා. ලංකාවේ එහෙම කළොත් පාර්ලිමේන්තුවට ඇවිත් කෑ ගහනවා. එනිසා මහවිරුදින සැමරුම් ගැන මින්පසුව මේ සභාවේ කතාකරලා වැඩක් නැහැ. අපේ පැත්තේ ඉන්න මනෝ  ගනේෂනුත් මහවිරු දිනය ගැන කතා කළා. මට කනගාටුයි. එ්ත් එ්ක අපේ පක්ෂයේ මතය නොවෙයි.

සමහරු මහවිරු සැමරුම ජේවීපී එක සමග සංසන්දනය කරන්න හදනවා. ජවිපෙ කළේ පහළ මට්ටමේ කුඩා දේශපාලන කැරැල්ලක්. ජවිපෙ රට බෙදන්න ගියේ නැහැ. රටේ බලය අල්ලන්නත්, හමුදාවට පහර දෙන්නත් නොවේ එ් අය ලෑස්ති වුණේ. එල්ටීටීඊය උත්සාහ කළේ වෙනම රටක් නිර්මාණය කරන්න. මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා. යුද්ධයක් තිබුණත් නැතත් රටක ආඩම්බරය ත‍්‍රිවිධ හමුදාව. එනිසා ත‍්‍රිවිධ හමුදාව ශක්තිමත් කළ යුතුයි. නවීන යුද ටැංකි ලබා දිය යුතුයි. ප‍්‍රහාරක ගුවන් යානා අවශ්‍යයි. යුද නැව් අවශ්‍යයි. බුද්ධි අංශ ප‍්‍රධානීන් කිහිප දෙනෙක් මාරු වුණා ඇරෙන්න කිසිම වෙනසක් වෙලා නැහැ. ඉන්දියාව සහ ඇමරිකාව කොවිඞ් එන්නත පිළිබඳ කාර්යය භාර දී තිබෙන්නේ එරට යුද හමුදාවන්ට. අපේ ත‍්‍රිවිධ හමුදාවටත් එ් හැකියාව තියෙනවා.
 
 පොලිස් නිලධාරීන්ගේ දීමනා වැඩි කරන්න. නීතිය හා සාමය ඇමැතිතුමාගේ පුතා ඉන්නෙත් පොලිසියේ. එනිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. පුතාටත් එතකොට බටා එක පොඞ්ඩක් වැඩි වේවි. මා ආනන්ද විද්‍යාලයේ කැඩෙට් සාජන් සිටිද්දී නීතිය හා සාමය ඇමැති මගේ කෝප‍්‍රල්. මට සතුටුයි අද ඔහු ඉන්න තැන ගැන. පොලිසියේ විනය හදන එක හොඳයි. ගෙදරින්ම එ්ක පටන් ගන්න පුළුවන්. අපි දැක්කා සැලියුට් එකක් ගහලා පුතා තමුන්නාන්සේව බදා ගන්නවා. ආදර්ශයක් දීලා එතැනින්ම පටන් ගන්න පුළුවන්. පාතාලය ඉවර කරනවා, එල්ලා මරනවා කියලා කලින් හිටපු අයත් කිව්වා. තර්ජන නොකළට කමක් නැහැ එ් වැඬේ කරන්න.
 
 මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර -
 
 මගේ පුතාව හදාගන්න කියලා ඔබතුමා කිව්වා. මගේ පුතා පාතාලයේ කියලද අදහස් කළේ.
 
 ෆොන්සේකා මහතා-
 
 ඔබතුමා පටලවා ගත්තා. පුතාගේ විනය නෑ කියලා මං කිව්වේ නැහැ වැරදි විදිහට තේරුම් ගන්න එපා. හැබැයි මගේ පුතා හිටියානම් නිල ඇඳුම ඇඳන් ඇවිත් මාව බදා ගන්න ඉඩ දෙන්නේ නැහැ. අපි වෙනස් මිනිස්සු.
 
 රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා -
 
 තාත්තා ඇමැතිවරයෙක් වුණාම පුතා නිලධාරියෙක් විදිහට ඇවිත් බදාගත්තාම එ් තියෙන මනුස්සකම නැත්නම් එයාව දණ ගස්සන්නද හදන්නෙ.
 
 ෆොන්සේකා මහතා-
 
 ඔබතුමා හමුදාව ගැන දන්නෙ නැහැ. දණ ගහන්න මේක කරාටේ කියලා හිතුවද. නැත්නම් මේක බතික් කියලා හිතුවද. ඔබතුමා දන්නේ බතික් ගැන. හැම එකම දන්නවා කියල හිතාගෙන ඉන්නවා. යුද අපරාධ ගැන නැවතත් චෝදනා එල්ල වෙනවා. හුදෙකලාව අපට ඉන්න බැහැ. මේ ගැන සාධාරණව කතාකරලා අවසානයක් දැකිය හැකි තීරණ ලබා ගන්න. මටත් තවම මගේ ළමයින් බලන්න යන්න වීසා එකක් ගන්න බැහැ. හමුදාපති ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 51 දෙනකුට බැහැ. හමුදාවේ බලය අනුව හමුදාපති තරු හතරේ නිලධාරියෙක් විය යුතුයි. සරත් ෆොන්සේකා කියන්නේ කවුද කියා වර්තමාන හමුදාපතිගෙන් අහන්න.
 
 පොළොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා (පොජපෙ* -
 
පොලිසිය සරත් වීරසේකරට භාර දීලා ජනාධිපතිතුමා කර තිබෙන්නේ හොඳ තේරීමක්. සිරගෙවල් කළමනාකරණය ගැන අප අලූතින් සිතිය යුතුයි. සිරගෙවල්වල තිබෙන දැඩි තදබදය බරපතළ ප‍්‍රශ්නයක්. එය ඔවුන්ගේ මානසික තත්ත්වයට බලපා තිබෙන තත්ත්වයක්. සිර ගෙවල්වලින් යන කී දෙනෙක් නැවත එනවාද කියා සමීක්ෂණයක් කරනවා නම් හොඳයි. මමත් සෑහෙන සිරකරුවන් නිදහස් කළා. යුද්ධය ගැන කතා කරද්දී යුද ජයග‍්‍රහණයේ ගෞරවය පළමුවෙන්ම යා යුත්තේ එ් යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ටයි.
 
 සරත් ෆොන්සේකා මහතා - එ් ගැන කිසිම විවාදයක් නැහැ.
 
 මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සහ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර
 
 ‘ඇමැතිතුමාට දන්වන්න’ කියන සංකල්පය යටතේ 118 දරණ අංකයට කතා කර පාතාලය, මත්ද්‍රව්‍ය, කප්පම් ගැනීම් ගැන තොරතුරු ලබාදිය හැකියි. අප ක්ෂණිකව ඊට ක‍්‍රියාමාර්ග ගන්නවා. ජාතික ආරක්ෂාව යනු පාස්කු ප‍්‍රහාරය වැනි සිද්ධියකට පසු මුස්ලිම් පල්ලිවලට පැනලා කඩු, කිරිච්චි හොයන එක නෙවෙයි. සතුරා කවුද, ඔහුගේ ඉලක්කය මොකක්ද, ඔහුගේ අරමුණ මොකක්ද කියන එක දැන ගැනීමයි. එ්ක දැන ගන්නේ බුද්ධි අංශ. රටක කොඳුනාරටිය ජාතික ආරක්ෂාව නම් ජාතික ආරක්ෂාවේ කොඳුනාරටිය වන්නේ බුද්ධි අංශ. එවැනි බුද්ධි අංශයක් තමයි පහුගිය ආණ්ඩුව දුර්වල කළේ. අපේ රජය පැමිණි පසුව බුද්ධි අංශ තවත් ශක්තිමත් කළා. එහි ප‍්‍රතිපලයක් ලෙස තමයි ඊයේ ක්ලේමො බෝම්බ සොයා ගන්න හැකි වුණේ. ඔහු යුද හමුදාව ශක්තිමත් කළ බවට සරත් ෆොන්සේකා මන්ත‍්‍රීවරයා පැවැසුවා. එය පිළිගන්නවා. පාසලේ ශිෂ්‍යභට කණ්ඩායමේ එතුමා සාජන්වරයාව සිටියදී මා කෝප‍්‍රල් කියා එතුමා කිව්වා. ඇත්ත. එ්ත් එ් සාජන්වරයා අද සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙක්. කෝප‍්‍රල්වරයා කැබිනට් ඇමැතිවරයෙක්. එ්ක අපේ හිතවත් කමට කිසිම බාධාවක් නොවේ කියා මා හිතනවා. යුද්ධය කියන්නේ දේශපාලනයේ දිගුවක්. යුද්ධයක් නැතිව දේශපාලනයක් තියෙන්න පුළුවන්. නමුත් දේශපාලනයක් නැතිව යුද්ධයක් තියෙන්න බැහැ. දෙවන ලෝක සංග‍්‍රාමයේදී චර්චිල් දින්නා. හිට්ලර් පැරදුනා. එ්ත් ජෙනරාල්වරුන්ගේ අද්මිරාල්වරුන්ගේ නම් එන්නේ ඉන් පස්සේ. දේශපාතකයා තමයි යුද්ධයක් දිනන්නේ හෝ පරදින්නේ
 
 සරත් ෆොන්සේකා මන්තී‍්‍රවරයා
 
 ඇමැතිතුමා.. මම කතා කළේ රණවිරුවන් වෙනුවෙන්. ඔබතුමා කතා කරන්නේ දේශපාලඥයින් වෙනුවෙන්. එ්ක ප‍්‍රශ්නයක් නැහැ.
 
 ඇමැති සරත් වීරසේකර
 
 මම කතා කරන්නේ ඔබතුමා ගැන නොවේ. ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් අද ත‍්‍රස්තවාදීන් සමරනවා. කොටි සංවිධානයේ දේශපාලන හස්තය වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය. ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය අප විනාශ කළ පසුව ඔවුන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානය තහනම් නොකළ නිසා ඔවුන් කොටි සන්ධානයට පක්ෂ ප‍්‍රකාශ නිකුත් කරනවා. එය අප කළ වරදක්. එය නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුණොත් මේ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් ඊට වගකිව යුතුයි. හමුදාවේ අයත් හැඟීම්බර වෙනවා. මගේ පුතා තාත්තාව නිල ඇඳුමෙන් වැඳලා බදාගෙන සුබ පැතීම කවුරුන් හෝ විවේචනය කරනවා නම් ඔහුට හැඟීම් ගැන කිසිම දැනීමක් නැහැ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles