අනුරාධ හිරිපිටියගේ
මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමට රජය ගෙන ඇති තීරණය නැවැත්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය’ අද (4 වැනිදා) පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙසියවිසිතුන් දෙනාටම ලිපි භාරදීමට නියමිතය.
අදාළ ලියුම් අද දින පාර්ලිමේන්තුවේදී මන්තී‍්‍රවරුන්ගේ අතට ලැබීමට සලස්වන බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින’ට පැවසීය. මහජන උපයෝගීතා කොමිසම අහෝසි වුවහොත් විදුලි පාරිභෝගිකයන්ට සිය ගැටලූවක් ඉදිරිපත් කිරීමටවත් ස්ථානයක් නැති වන බව ද ඒ මහතා කීවේය.
‘‘මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත හා විදුලිබල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට ඉවහල් වන පරිදි සංශෝධනය කිරීමට යෝජනා කරනවා...’’ යැයි අගමැතිවරයා අයවැය කතාවේදී කළ ප්‍රකාශය අවභාවිත කරමින් ජනාධිපති ලේකම්වරයා ‘මහජන උපයෝගීතා කොමිසම’ වසා දැමීමට නියෝග කර ඇති බවත් එම නියෝගයට එරෙහිව මෙරට විදුලි පාරිභෝගික පවුල් ලක්ෂ 65 කගේ සහාය සිය සංවිධානයට ඇති බවත් සංජීව ධම්මික මහතා සඳහන් කළේය. එම සටනට එක්වන ලෙස සියලූ මන්තී‍්‍රවරුන්ගෙන් මෙම ලිපිය හරහා ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය. මහජන උපයෝගිතා කොමිසම වසා දැමීම විදුලි ගාස්තු ඉහළ දැමීමේ වෑයමක් යැයි ද ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය’ සඳහන් කළේය.