කටුනායක ටී.කේ.ජී. කපිල
ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් වෙත පී.සී.ආර්. පරීක්ෂණ කිරීම ස`දහා මුදල් නොමැති බව පවසමින් ඊයේ (03දා) උදෑසන විරෝධතාව පළ කර තිබේ.
ශ්‍රී ලාංකිකයන් 54 දෙනකු ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. 371 දරන ගුවන් යානයෙන් ඊයේ උදෑසන 7.40 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එම පිරිස අතර සිටි ගුවන් මගීන් 20 දෙනකු පමණ, පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සදහා තමන්ට මුදල් නොමැති බව සදහන් කරමින් විරෝධය පළ කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා ‘දිවයින’ට පැවසීය.
මෙම මගීන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී මුදල් ගෙවා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුතු බවට දැනුවත් කෙරෙන බව ඕමාන් ගුවන් සේවයේ ප්රකාශිකාවක් පැවසුවාය.
කෙසේ වෙතත් පසුව මෙම මගීන්ගේ ඉල්ලීම සලකා බලා ඔවුන් ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය
රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත. මෙම ගුවන් යානයෙන් පැමිණි සියලූ ගුවන් මගීන් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.
- Hits: 458