සිරිමන්ත රත්නසේකර
බුරවී සුළි කුණාටුවේ විෂ්කම්භය විශාල ප්‍රදේශයක් තුළ පැතිර තිබීම මත එහි වේගය අඩුවීමෙන් දැඩි හානියකින් තොරව රටින් බැහැර වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයසිංහ මහත්මිය ඊයේ (03 වැනිදා* ‘දිවයින’ ට පැවැසුවාය.
පූර්ව අනතුරු හැඟවීම් පිළිබඳව ජනතාව දැනුවත් වීම, ඔවුන් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ මාධ්‍ය දැනුවත් කිරීම් ද හානි අවම කර ගැනීමට හේතුවක් වූ බවත් ඇය කීවාය. කාලගුණයේ කියපු විදිහට බුරවී ආවේ නැතැයි යන්න සමාජ ජාලා සහ ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකි පළකරන්නේ ගණිතමය සංඛ්‍යා දත්ත ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් බවත් කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයසිංහ මහත්මිය කියා සිටියාය. ”මෙම වලාකුළු පද්ධතියේ කේන්ද්‍රය අප හඳුන්වන්නේ ‘ඇස’ කියලයි. අයි එකේ පැතිරීම ලොකු ප්‍රදේශයක් කරා තිබුණා. අයි එකේ පැතිරීම අඩු වුණා නම් දැඩි සුළං ඇති වෙනවා. නමුත් මෙහි අයි එකේ පැතිරීම විශාල වීම හොඳට ගියා’’ යැයි ජයසිංහ මහත්මිය කියා සිටියාය. මෙම සුළි කුණාටුව බටහිරට බරව වයඹට ගමන් කරනවා යැයි සඳහන් කළ අනාවැකි ඇතැමුන් බටහිර පළාතට පැමිණෙන බවට වැරදියට තේරුම් ගෙන තිබූ බව පැවසූ ඇය අප රටට සුළි කුණාටු තත්ත්වයන් පිළිබඳව අත්දැකීම් අඩුවීම ඇතැම් කරුණු වැරදියට තේරුම් ගැනීමට හේතුවක් වී තිබූ බවද කීවාය.