Divaina - වැලිකඩ 120ක් මහරට ගෙනත් දමා කොවිඞ් පොකුරක් හැදීම මහර ඛේදවාචකයට හේතුවයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

saj222රනිල් ධර්මසේන, අකිත පෙරේරා

වැලිකඩ රැඳවියන් 120 ක් මහරට ගෙන ඒමෙන් කොවිඞ් ආසාදිතයින් 183 ක පොකුරක් නිර්මාණය වීම මහර  බන්ධනාගාරයේ ඛේදවාචකයට හේතුව බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මහර බන්ධනාගාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ සිදු කළ ප‍්‍රකාශය සහ ආණ්ඩු පක්ෂයෙන් ලද පිළිතුරු මෙසේය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා -

1877 බන්ධනාගාර පනත අනුව 68, 77 ආදී වගන්ති දිහා බැලූ විට බන්ධනාගාරගත පුද්ගලයන්ට සැලකිය යුතු ආකාරය හා සද්කාර්යයන් දක්වා තිබෙනවා. මෙම පනතේ වගන්ති සෑහෙන දුරට උල්ලංඝනය වී තිබෙනවා. සමහරු මේ සභාවේ කියන්නේ එය අදිසි හස්තයක් බවයි. සමහරු පුද්ගලිකව සොයා බලා රිවර්ස් පෙති නිසා මෙය සිදු වූ බව පැවසූවා. ලේ දකින්න තිබෙන ආසාවෙන් මෙය සිදු වූ බවත් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කිරීමට මේ සිදු වූ බවත් ඔවුන් කිව්වා. නමුත් අනිවාර්යයෙන්ම මෙය සිදුවූයේ පරිපාලනය තුළ පවතින අඩුපාඩුවක් නිසා.

මේ රැඳවියන් ඉල්ලා තිබෙන්නේ පී.සී.ආර්. පරීක්ෂණ මඟින් තම කොවිඞ් තත්ත්වය දැනගැනීමටයි. කොවිඞ් 19 මාර්ගෝපදේශනය උල්ලංඝනය කරමින් වැලිකඩ රැඳවියන් 120 ක් මහරට ගෙනැවිත් 183 ක පොකුරක් නිර්මාණය වීම ගැන මෙම සභාව දැනුවත් කර නැහැ. මේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වන වියත් මගේ සාමාජිකයෙක් තමයි වැලිකඩින් මහරට මේ රැදවියන් මාරු කර තිබෙන්නේ. මේක දේශපාලනය නෙවෙයි මෙය සත්‍යයයි. ඒ නිසා තමයි පොකුරක් නිර්මාණය වෙන්නේ. මේ පොකුර නිසා තමයි මේ ඛේදවාචකය නිර්මාණය වුණේ. එනිසා මම ස්තුතිවන්ත වෙනවා අගමැතිතුමාට. මෙහි මුල හොයන්නට ඔවුන් කටයුතු කරයි කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම පැහැදිලිව කියන්නට ඕනෑ අපේ රට තුළ මිනීමැරුම් සංස්කෘතියක්, ඝාතන සංස්කෘතියක්, රාජ්‍ය ත‍්‍රස්තවාදයක් සඳහා කිසිසේත්ම ඉඩ ප‍්‍රස්ථාව නැහැ. නීතියේ ආධිපත්‍යය රැකීමට අපි සියල්ලන්ම බැඳී සිටිනවා.

අමාත්‍ය සරත් වීරසේකර මහතා -

ගරු විපක්ෂනායකතුමා කීවා මහර බන්ධනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වියත් මගේ සාමාජිකයෙකු බව. ඒත් ඔහු වියත් මග සාමාජිකයෙක් නොවේ.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා-

මම අලූත් ඇමැතිතුමාට කියන්න ඕනේ, මම කිව්වේ වැලිකඩ සිට 120ක් මහරට ගෙනත් කෝවිඞ් මාර්ගෝපදේශනය උල්ලංඝනය කර තිබෙන බවයි. සදාචාර සම්පන්න නිසා මම දොස්තර මහත්තයාගේ නම කියන්නේ නැහැ. ඒ පැමිණි 120 වැලිකඩින් මහරට යවන්න නියෝගය දුන්නු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වියත් මගේ සාමාජිකයෙක්.

ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා -

අපි ආණ්ඩු පක්ෂය දැනුවත්ව නෙවෙයි මේ ප‍්‍රශ්නය අහන්නේ. එතුමා කියන විදියේ මිනීමරු සංස්කෘතියක් මේ රටේ නිර්මාණය වෙලා නැහැ. ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන නායකයෙක්. පාර්ලිමේන්තු අවස්ථාවක් කරගන්න එපා තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරන්න. අනික එක ඊට පස්සේ වියත්මග ඇදලා ගත්තා. අධිකරණ ඇමැතිතුමා හිටපු වෙලාවේ මේ ප‍්‍රශ්න ටික ඇහුවා නම් හොඳයි. අනෙක මම හිරේ හිටපු පුද්ගලයෙක්. අපි 51 ක් එකට හිටියා. ෆොන්සේකා මහත්තයාත් හිටියෙ ඒ කාමරේ. මේ හිරකාරයෝ ගැන කතා කරන්නේ එක හිරගෙදරකට වැසිකිළියක් හදපු නැති ආණ්ඩුවක්. හිරකාරයෝ ගැන කතා කරනවා. මේ දේශපාලන වාසි ගන්න අවස්ථාවක්.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා-

මේක දේශපාලන කතාවක් නෙවෙයි. රාජ්‍ය ත‍්‍රස්තවාදය කියලා මම කිව්වේ මහර සිද්ධිය කළමනාකරණය කරපු විදිහ ගැනයි. අනික අපේ ආණ්ඩුව කාලේ මහත්මා ගාන්ධිතුමාගේ ප‍්‍රකට කියමනක් තියනවා එක පාසලක් ඇරෙන කොට හිරගෙවල් දාහක් වැහෙනවා කියලා. අපි කළේ අපේ කාල වකවානුව තුළ ළඟම පාසල හොඳම පාසල් කරන එක මිසක් හිර ගෙවල් හැදීම නෙවෙයි.

රැුඳවියන් මහර බන්ධනාගාරයට එව්වා, මහර වෛද්‍යතුමා ඒක ප‍්‍රතික්ෂේප කළා. නමුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒකට බලපෑම් කර බැණ වැදුණා. මම ඒ

ගැන කිව්වා මිසක් මඩ ගැහැව්වෙ නෑ..

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා-

මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ. ළඟම පාසල හො`දම පාසල කරලා හැදුව නම් ජනතාව ඔබතුමන්ලා ගෙදර යවන්නේ ඇයි? ඒවා බෝඞ්වලට සීමා වුණා. ඔබතුමන්ලා අලූත් උසාවි නම් දැම්මා.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles