ශ්‍යාම් නුවන් ගනේවත්ත
2020 වසර මුල සිට ඉකුත් අගෝස්තු 31දා දක්වා
කාලයේ දී සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම
රු. කෝටි 3638 ක් පාඩු ලබා ඇත. මුදල් අමාත්‍යංශය
විසින් ප්‍රකාශයට පත් කළ නවතම රාජ්‍ය මූල්‍ය
කළමනාකරණ වාර්තාවේ (2020-21) මේ බව ස`දහන්
වේ.
එසේම ලංකා විදුලිබල මණ්ඩලය රු.කෝටි 3172 ක
පාඩුවක්ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
රු.කෝටි 441ක්ද, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
රු.කෝටි 117.5 ක් සහ සීමාසහිත ලංකා සතොස
රු.කෝටි 102 ක් වශයෙන් මේ වසරේ (2020* මුල් මාස
අටේදී රුපියල් බිලියනය ඉක්මවා ගිය අලාභ ලබා
ඇති බවද එම වාර්තාවේ ස`දහන් වේ.
රජය සතු ව්‍යවසායයන් 52 ක ලාභදායීත්වය පිළිබඳ
එම සටහනට අනුව රජයට වැඩිම ආදායමක් ලබා දී
ඇති රාජ්‍ය ව්‍යවසාය වන්නේ සේවා නියුක්තිකයන්ගේ
භාර අරමුදල් මණ්ඩලයයි. එමඟින් ලැබී ඇති ලාභය
රු. කෝටි 2134 කි. දෙවැනියට වැඩිම ලාභයක් උපයා
ඇති රාජ්‍ය ආයතනය ලෙසින් ලංකා බැංකුව දැක්වෙන
අතර එය රු. කෝටි 1288 ක් වේ.
මෙහිදී රුපියල් බිලියනයට වැඩි ලාභදායීත්වයක්
පෙන්වා ඇති සෙසු රාජ්‍ය ව්‍යවසායන් ලෙස මහජන
බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ
සංස්ථාව, ජාතික රක්ෂණ භාරකාර අරමුදල, ශ්‍රී ලංකා
වරාය අධිකාරිය, සංවර්ධන ලොතරැුයි මණ්ඩලය හා
ලංකා සීනි සමාගම දැක්විය හැකිය.