මහර යැවූ නිලධාරීන්ට නිවාඩු දීමෙන් ඔවුන්ගේ ගම් සහ පවුල්වල අයත් අවදානමක
එස්. ඞී. අබේසිංහ - මහරගම
මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලෙන් අනතුරුව විශේෂ රාජකාරි සඳහා ගිය ජේලර්වරයකු ‘‘මහ එවුන්ට වගේම උඹලටත් කොරෝනා බෝ කරන්න ඕනේ” යැයි පවසමින් වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරි ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදා ගැනීම පිළිබඳව ඉකුත් 01 දා රාත්රී මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
එතැනින් නොනැවතුණු එම ජේලර්වරයා නිලධාරී විවේකාගාරවලට ගොස් එම ඇඳන් වලද සැතපී ඇති අතර සෙසු නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පැළඳුම්ද අතට ගෙන පොඩි කර නැවත දමා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මහර බන්ධනාගාරය තුළ බහුතරයක් රැුඳවියන්ට වෛරසය ආසාදනය වී ඇති හෙයින් එහි විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන්ට දින 14 ක කාලයක් නිවාඩු ලබාදීමට බන්ධනාගාරයේ උසස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.
එලෙස රාජකාරි සඳහා ගොස් නැවත වටරැක බන්ධනාගාරය වෙත පැමිණි ජේලර් වරයාට ඒ බව දොරටු පාලක නිලධාරියා විසින් පැවසීමෙන් අනතුරුව උරණ වූ ජේලර් වරයා මෙලෙස හැසිරී ඇතැයි දැනගන්නට ඇත.
ජේලර් වරයාගේ එම හැසිරීම සම්බන්ධයෙන් රාත්රී කාර්යභාර ජේලර් වරයා සහ දොරටු පාලක නිලධාරියා විසින් පොලිසියට එම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ආයතන මට්ටමින්ද විමර්ශනයක් අරඹා ඇතැයි
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා ආසාදිත රැඳවියන් බහුතරයක් දෙනා රඳවා සිටින මහර බන්ධනාගාරයේ විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන්ට නිවාඩු ලබාදී ඔවුන්ගේ නිවෙස්වලට මේ අයුරින් යැවීමෙන් යම් පාලනයකට නතුව තිබෙන කොරෝනා වෛරසය ඔවුන්ගේ පවුල් වල, ගම් නියම් ගම්වල පැතිරී නැවත මුළු රටම වෛරසයෙන් වෙලා ගැනීමේ දැඩි අවධානමක් මේ වන විටත් හටගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.