Divaina - කිසිදු සොයාබැලීමකින් තොරව මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් - සමගි ජනබලවේගයේ බුද්ධික පතිරණ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



buddhika1ස්ථානීය පරීක්ෂාවක් හෝ මහජනතාවගේ අදහස් උදහස් විමසීමක් හෝ සිදු නොකර කිසිදු සොයා බැලීමකින් තොරව කඩි මුඩියේ නව මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රයක් නිකුත් කිරීමට සූදානමක් තිබෙනවා දැයි සමගි ජන බලවේගයෙ මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02දා) ප‍්‍රශ්න කර සිටියේය.

දේශීය වයින් බලපත‍්‍රයක් භාවිතයෙන් මත්පැන් වර්ගයක් නිපදවා වයින් ලීටරයකට ගෙවිය යුතු බද්ද වන රුපියල් 3200 බද්ද වෙනුවට රුපියල් 900 බද්දක් ගෙවන ආකාරයට රජයට විශාල බදු වංචාවක් කිරීමට මග පෑදෙන අයුරින් මෙම නව මත්පැන් බලපත‍්‍රය අයදුම් කර ඇති බවද බුද්ධික පතිරණ මහතා කීය. ඔහු දැනටමත් මෙම ක‍්‍රියාවලියේ නිරතව සිටින බව ද බුද්ධික පතිරණ මහතා පැවසීය.

ඇමැතිවරයාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ප‍්‍රශ්න වාරය යටතේ බුද්ධික පතිරණ මහතා නැඟු එම ප‍්‍රශ්නයට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසුවේ ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි.

බුද්ධික පතිරණ මහතා :- සුරාබදු නිෂ්පාදකයින් 25 දෙනා අතරින් පස් දෙනෙකු පමණයි රටේ සුරාබදු ආදායමෙන් සියයට 93-95ක් අතර ප‍්‍රමාණයක් ලබා දෙන්නේ. ඉතිරි විසි දෙනාම සියයට 5 ක බද්දක් පමණයි ලබා දෙන්නේ. මේ නව බලපත‍්‍රය ඉල්ලලා තිබෙන්නෙත් මෙවැනි බදු වංචාවක් කරන පුද්ගලයෙකු තමයි.

ඔහුගේ බලපත‍්‍ර අයදුම්පත අනුව කිසිදු පරික්ෂාවක් නැතිව මහජන අදහස් උදහස් නොවිමසා ලබන සිකුරාදා හෝ ඊට ආසන්න දිනයකදී බලපත‍්‍රය ලබා දෙන්න හදනවා. දේශීය වයින් වර්ගයක් නිෂ්පාදනය කරන ආකාරයට තමයි නිපදවන්න හදන්නේ. ලීටරයකින් ලැබිය යුතු බද්දෙන් 1/2යි ලැබෙන්නේ. මේ විදිහට බලපත‍්‍රයක් ගතහොත් එය ව්‍යසනයක්. රජයට කොරෝනා තත්ත්වය නිසා බදු ආදායම අඩු වෙලා තිබෙන්නේ. මෙයින් වෙන්නේ තවත් රජයට බදු ආදායම අහිමිවීමක්.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා :-  මේ පිළිබඳ හොයල බලන්නම්. අවශ්‍ය කටයුතු කරන්නම්.

කුෂාන් සුබසිංහ - රනිල් ධර්මසේන
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles