කීර්ති වර්ණකුලසූරිය
ලන්ඩන් නුවර වෙම්බ්ලි ප්‍රදේශයේ ද්‍රවිඩ වෙළෙඳසල්වල ඔසවා තිබූ කොටි ධජ හා ප්රභාකරන්ගේ ඡුායාරූප සියල්ල ලන්ඩන් පොලිසිය විසින් ඉවත් කර ඇත.
මෙම ධජ සහ ඡායාරුප තහනම් සංවිධානයකට අයත් බවට පොලිසියට ලැබුණු පැමිණිලි මත එම පියවර ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් සිව්දෙනකු එම ද්‍රවිඩ වෙළෙඳසල් වෙත ගොස් කොටි ධජ සහ ප්රභාකරන්ගේ ඡායාරූප ඉවත් කරන ලෙස නියෝග කළ අවස්ථාවේ එම වෙළෙඳසල් හිමිකරුවන් ඊට එරෙහි වී තිබේ.
එහෙත් නඩු පවරන බවට පොලිසිය දැනුම් දීම නිසා කොටි ධජ සහ ප්රභාකරන්ගේ ඡුායාරූප ඉවත් කර ඇත.
- Hits: 703