Divaina - මහර තුවාල ලැබූ රැඳවියන් 30 ක් වැලිකඩ චැපල් වාට්ටුවට - ගැටුමට සම්බන්ධ 25ක් හඳුනා ගැනෙති

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p2 1මහර බන්ධනාගාර ගැටුම අවස්ථාවේ තුවාල ලැබූ බව කියන රැුඳවියන් තිහක පමණ පිරිසක් පෙරේදා (01 දා) රාති‍්‍රයේ බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් නිරෝධායනය සඳහා වැලිකඩ චැපල් වාට්ටුවේ එල්ලූම් ගස ඇති කොටසේ බේස්මන්ට් නමැති ස්ථානයේ රැඳවා තැබීමට කටයුතු කර ඇතැයි  බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එල්ලූම් ගස කි‍්‍රයාත්මකව තිබූ ඉකුත් කාලයේ එල්ලා මරණ ලද පුද්ගලයන්ගේ සිරුරු ඇදවැටුණු කොටස මෙසේ බේස්මන්ට් නමින් හඳුන්වන බව වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් ලබා ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක යන මහත්වරුන් ඊයේ පෙරවරුවේ සිට අවස්ථා රැුසකදී අමතනු ලැබුවද ඔවුන් දුරකථනවලට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා එය ව්‍යාර්ථ විය.

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් මියගිය රැුඳවියන් නව දෙනකුට සහ තුවාල ලබා රෝහල්ගත කළ රැුඳවියන් අතරින් 38 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ද ඊයේ (02 දා) අනාවරණය වී තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සහායෙන් ඊයේ දහවල් වන විට මහර බන්ධනාගාරයේ දැනට සිටින සියලූම රැුඳවියන් ඔවුන් රඳවා සිටි වාට්ටු වෙත යැවීමට පියවර ගත් බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය. මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ ද සහාය ලබා ගනිමින් සියලූම රැුඳවියන් විශේෂ පරීක්‍ෂාවකට ලක් කිරීමටද බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඇතැමුන් සන්තකයේ තිබී උල් ආයුධ ආදී උපකරණ කිහිපයක් සොයා ගැනීමට ද බන්ධනාගාර නිලධාරීන් සමත්ව ඇත.

රැුඳවියන් යළි සිර වාට්ටු වෙත ඇතුළු කිරීමට පෙර ඔවුන් විසින් කඩා බි`ද දැමූ දොරවල් සියල්ල යළි පිළිසකර කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු කළ බවද ඉහත නිලධාරියා සඳහන් කළේය. රැුඳවියන් පරීක්‍ෂා කරන අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී මහර බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ කාර්යාලයේ තිබූ බි‍්‍රතාන්‍ය යුගයට අයත් කඩු දෙකක්ද බන්ධනාගාර නිලධාරීන්ට හමුවී ඇති අතර රැුඳවියන් දෙපාර්ශ්වයක් එම කඩු දෙක රැුගෙන තිබී ඇත.

මේ අතර මහර බන්ධනාගාරයේ ගැටුමට සම්බන්ධ වූ රැුඳවියන් විසිපස් දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර තිබිණි.

මෙම සිද්ධියෙන් මහර බන්ධනාගාරයට සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා පත්කළ කණ්ඩායම ඊයේ එම කටයුතු ආරම්භ කර ඇත.

සමන් ගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles