Divaina - උතුරට නැගෙනහිරට තද වැසි සහ සුළං මුලතිව් උඩින් බුරවි එයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



p1 9* උතුර සහ නැෙඟනහිර වෙරළ ආශ‍්‍රිතව ජීවත් වූ ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත

* ගස් කඩාවැටී කිළිනොච්චියේ නිවාස රැුසකට හානි හදිසි තොරතුරු සඳහා 117 අමතන්න


චතුර පමුණුව - සිරිමන්ත රත්නසේකර

වසර 20 කට පසුව මෙරටට තර්ජන එල්ල කළ ‘බුරවි’ සුළි කුණාටුව ඊයේ (02දා) රාත‍්‍රි කාලයේදී ත‍්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුළට ඇතුළු වන බවට මීට පෙර අනාවැකි පළකර තිබුණත් එය මුලතිව්වලටත් උඩින් රටට ඇතුළුවීමේ අවදානමක් ඇතැයි ඊයේ සවස චෙන්නායි කාලගුණ ඒකකය විසින් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයක ස`දහන්ව තිබිණි.

චෙන්නායි කාලගුණ ඒකකය විසින් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයක දැක්වුණේ මෙය ඇතුළු වන්නේ යාපනයට ආසන්නයෙන් බවයි. ඒ අදාළ බුරවි සුළි කුණාටුවේ ගමන් මාර්ගයේ සිතියම ඔවුන් විසින් දක්වා තිබිණි. මුහුදේ සිට රට තුළට මෙම සුළි කුණාටුව ගමන් කිරීමේදී එය ‘භ‍්‍රමණ චලිතයක් ’ ලෙස පැමිණෙන බැවින් මුහුදු රළ රට තුළට පැමිණිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර තිබිණි. මෙම සුළි කුණාටුව රට හරහා ගමන් කරන බැවින් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව රජය නිවේදනය කර තිබිණි.

ඊයේ දිනය පුරා නැගෙනහිර පළාතට හා උතුරු පළාතට දැඩි වර්ෂාවක් පතිතවෙමින් තිබූ අතර විටින් විට හමන තද සුළගින් ගස් කඩා වැටී තිබිණි. ත‍්‍රිකුණාමලයේ විදුලිය පවා විසන්ධිව තිබිණි. බුරවි‘ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ කිලිනොච්චිය දිස්ත‍්‍රික්කට ඇතිවූ තද සුළං තත්ත්වයත් හේතුවෙන් ගස් කඩා වැටීමත් සමඟ නිවාස රැුසකට හානි සිදුව ඇති බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කර තිබිණි.

එසේම ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙහි පදිංචි පවුල් 7500ක් සිය වාසස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත රැුගෙන යෑමට මේවන විට කටයුතු කරමින් සිටින බව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම්වරයා ප‍්‍රකාශ කර තිබිණි. ඒ අනුව ආරක්ෂිත ස්ථාන 237ක ඔවුන් තාවකාලිකව පදිංචි කිරීමට කටයුතු සූදානම් කර තිබිණි.

එසේම ඊයේ ලංකාව පුරාම දහවල් කාලයේ පවා අඳුර පැතිර තිබූ අතර විටින් විට මහ වැසි ඇදහැලෙන්නට විය. එසේම තද සුළං හමා යන අයුරු දක්නට ලැබිණි.

මේ අතර උතුරු සහ වයඹ පළාත්වල අද (03 වැනිදා) දිනයේදීත් නිරන්තරයෙන්ම වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට ඉහළ ඉතා තද වැසි තවදුරටත් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ ( 02 වැනිදා ) අනාවැකි පළ කළේය.

එසේම නැගෙනහිර, උතුරුමැද, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවනු ඇති බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති ඇතිවිය හැකි බවත් එම ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පැයට කිලෝමීටර 60 ක් 70 ක් පමණ වන තද ප‍්‍රහාරාත්මක සුළං උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමු පළාත්වලට විටින් විට ඇති විය හැකි යැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘බුරවී’ සුළි කුණාටු තත්ත්වය මත අද (03 වැනිදා) දිනයේදීත් දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 100 දක්වා පමණ ඉහළ යෑමට ඉඩ ඇති හෙයින් එම ප‍්‍රදේශවල විටින් විට ඉතා රළු හෝ දළ රළු ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

p1 8කුණාටුවත් සමග ඇතිව පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග ජනතාව අනවශ්‍ය අයුරින් එළිමහන් ප‍්‍රදේශවලට යෑමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ ඒකකය විසින් මහජනතාව දැනුවත් කර තිබිණි. ආපදා තත්ත්වයන් ඇතිවන අවස්ථාවන්වලදී ඇතැම් පුද්ගලයින් එළිමහන් ස්ථානවල රැුඳෙමින් සෙල්ෆි ඡුායාරූප ගැනීමට සහ එවැනි අවස්ථා රූගත කිරීමට උත්සහ දරන බැවින් එවැනි කටයුතුවලින් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) සුදන්ත රණසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

‘බුරවි’ සුළි කුණාටුවෙන් අවදානම් එල්ල විය හැකි සෑම දිස්ත‍්‍රික්කයකම ආපදා සහන කඳවුරු පනහ බැගින් පිහිටුවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙම සුළි කුණාටුවෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ක‍්‍රියාමාර්ග ගන්නා මෙන් නැගෙනහිර ප‍්‍රදේශය භාර හමුදා ප‍්‍රධානීන්ට ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා උපදෙස් දී ඇත.

සුළි කුණාටුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආරක්ෂිතව ජීවත් වූ ජනතාව ඊයේ (02 වැනිදා) සවස් වන විට ආරක්ෂිත කඳවුරු වෙත යොමු කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර තිබිණි. එම ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලා ඒවා සම්පාදනය කරන මෙන් අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ ‘දිවයින’ට පැවසුවාය.

කුණාටුව හේතුවෙන් මුහුදු වෙරළේ සහ තොටුපළවල් ආශ‍්‍රිතව නවතා ඇති කුඩා යාත‍්‍රා, ගොඩට ඇදගත හැකි උපරිම ප‍්‍රමාණයට රැුගෙන ස්ථීර ලෙස ගැට ගසා තබන ලෙසට සියලූ වෙරළාසන්න යාත‍්‍රාහිමියන් කඩිනමින් දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලූ දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලූ කොට්ඨාස භාර ධීවර නිලධාරීන් වෙත ඊයේ නිවේදන නිකුත් කර තිබිණි.

එමෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාතේ සියලූ දිස්ත‍්‍රික්කවල සහකාර අධ්‍යක්ෂකවරුන් විසින් අද (03දා) උදය කාලයේදී සියලූ කොට්ඨාස භාර නිලධාරීන් සහ ධීවර ප‍්‍රජාව සම්බන්ධීකරණය කරමින් තම දිස්ත‍්‍රික්කය තුළ වෙරළාසන්න යාත‍්‍රා ගොඩබිම දෙසට ඇද තබා ස්ථීරව තැබීමේ වැඩසටහනක් සංවිධානය කළ යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබිණි. මෙම අවස්ථාවේදී ස්වභාවික ආපදාවක් හේතුවෙන් ඉතා හානිදායක ලෙස විශාල යාත‍්‍රා ප‍්‍රමාණයක් විනාශ වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර ධීවර යාත‍්‍රාවන්හි ආරක්ෂාවට වහාම කටයුතු යොදන මෙන් සියලූ පාර්ශවයන් වෙත රජය ඊයේ දැනුම් දුන්නේය.

එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වයන් පිළිබඳ හදිසි තොරතුරු සඳහා 117 කෙටි දුරකථන අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙයට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අංශයේ 0112 670 002 සහ 0112 136 222 යන දුරකථන අංක ඔස්සේද තොරතුරු ලබා දිය හැකි බව හෙතෙම කියයි.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles