Divaina - බෝගම්බර 185කට කොරෝනා - ප‍්‍රධාන ජේලර් ඇතුළු නිලධාරීන් 3ක් ඒ අතර

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

covid1999- ඊයේ 497 ක් සුවය ලබා පිටව යති

- පැරණි බෝගම්බර බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ජේලර්වරයාට සහ රැුඳවියන් 26 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02 දා) අනාවරණය වී තිබේ.

එම බන්ධනාගාරය තුළ සිදුකරන ලද පීසීආර් පරීක්‍ෂණ මගින් මේ බව තහවුරු වී ඇති අතර වෛරසය ආසාදනය වූ ප‍්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයටත් රැුඳවියන් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටත් පියවර ගෙන තිබේ.

මේ වන විට පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරීන් තිදෙනකුට සහ රැුඳවියන් 182 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයිද වාර්තා වේ.

මේ අතර ඊයේ සවස 7.00 වන විට පෑලියගොඩ පොකුරේ ආශි‍්‍රතයන් ලෙස තවත් කොරෝනා ආසාදිතයන් 350 දෙනකු හඳුනාගෙන තිබිණි. එම පිරිසත් සමග මෙරට මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 24882 දක්වා ඉහළ ගියේය.

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට රෝහල් තුළ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 487 දෙනකු ඊයේ පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

එම පිරිසත් සමඟ මේ දක්වා මෙරට තුළ කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලබා පිටව ගිය ආසාදිතයන් ගණන 18304 ක් විය.

මෙරට තුළදී කොරෝනා ආසාදනය වීමෙන් තවත් ආසාදිතයන් 6456 දෙනකු රෝහල්ගතව වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ හතරක් පෙරේදා රාති‍්‍රයේ වාර්තා වූ අතර එම මරණ හතරත් සමඟ මෙරට තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගියේය.

කොළඹ 12, කොළඹ 10, කොළොන්නාව සහ රාජගිරිය යන ප‍්‍රදේශවල පදිංචිව සිටි වයය අවුරුදු 74, 81, 93 සහ 74 වියේ පසුවූ සිව්දෙනකු මෙසේ මරණයට පත්ව ඇත.

තවත් ආසාදිතයන් 350 දෙනකු ඊයේ සවස හඳුනාගැනීමත් සමඟ මේ දක්වා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ යන පොකුරුවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන ද විසිඑක්දහසේ සීමාව ඉක්මවා යමින් 21333 ක් ලෙස සටහන් විය.

සමන් ගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles