කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින කොටි ත්‍රස්තවාදී රැඳවියන් 86 දෙනා වහාම යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යැවිය යුතු බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා ‘‘දිවයින’’ට ඊයේ (02 වැනිදා) කියා සිටියේය.
මෙම කොටි ත්‍රස්තවාදී රැුඳවියන්ට කොරෝනා වෛරසය වැළඳීමට ඉඩ ඇති නිසා ඔවුන් යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට රජය අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කියා සිටියේය.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින කොටි ත්රස්තවාදීන් බවට සැකකරන රැුඳවියන් 86 දෙනා අතරින් බොහෝ දෙනෙක් වයස්ගත පුද්ගලයන්.
වැලිකඩ බන්ධනාගාරය පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා මේ රැුඳවියන්ගේ ජීවිතවලට ලොකු අවදානමක් ඇතිවෙලා තිබෙනවා.
මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැුල්ල වගේ කැරැුල්ලක් මැගසින් බන්ධනාගාරයේ ඇති වුණොත් මේ රැුඳවියන් 86 දෙනාගේ ජීවිතවලට ලොකු තර්ජනයක්.
ඒ නිසා රජය මේ රැුඳවියන් ගැන සලකා බලා ඔවුන් යාපනය බන්ධනාගාරය වෙත යැවීමට කටයුතු කළ යුතු යැයිද විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර පාලන අධිකාරියෙන් ‘‘දිවයින’’ කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මෙම කොටි ත්‍රස්තවාදී රැුඳවියන් පිරිසට මේ වනතුරු කිසිම අවදානමක් ඇතිවී නොමැති බවයි.
මෙම රැඳවියන් පිළිබඳව දැඩි පරීක්ෂාවකින් පසුවන බවද බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.
නෝමන් පලිහවඩන