Divaina - ‘බුරවි’ නිසා ආපදාවක් වුණොත් හදිසි අත්‍යවශ්‍ය සේවා සූදානම් -ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


p1 2බුරවි සුළි කුණාටුව හේතුවෙන් ලංකාව පුරා ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට අදාළව හදිසි අත්‍යවශ්‍ය සේවා සියල්ල සූදානමින් තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පවසයි.

ත‍්‍රිකුණාමලයට උතුරින් ශී‍්‍ර ලංකාව තුළට ඇතුළු වී මන්නාරමට උතුරින් පිටව යනු ඇතැයි තොරතුරු වාර්තා වන මෙම සුළි කුණාටුව පැතිර යන ප‍්‍රදේශ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ නැගෙනහිර ආඥාපතිවරුන් හරහා ගලවා ගැනීමේ සහ සොයා බැලීමේ හමුදා කණ්ඩායම් සූදානම් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට ද මෙහි යම් බලපෑමක් ඇති වන බැවින් එම පළාත් සඳහා ද ආරක්ෂක විධිවිධාන සූදානම් කොට තිබේ. මේ ස`දහා අතිරේක ගලවා ගැනීමේ හමුදා කණ්ඩායම් ද සූදානම් කර ඇති අතර, සෑම දිස්ත‍්‍රික්කයකම ආපදා කළමනාකරණ ක‍්‍රියාන්විත මධ්‍යස්ථාන සීරුවෙන් තබා ඇති බව හෙතෙම පැවසීය.

මේ වන විට දිස්ත‍්‍රික් ලේකම්වරුන් හරහා සියලූම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සහන සේවා මධ්‍යස්ථාන සූදානම් කර ඇති බවද, අවදානම් ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදු කොට ඇති බවද මේජර් ජෙනරාල් රණසිංහ මහතා කීය.

පීඩාවට පත් වන පිරිස් වෙතොත් ඔවුන්ගේ අවශ්‍යතා ස`දහා සහන බඩුමලූ, මූල්‍යාධාර ආදිය ද මේ වන විට දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

සමන්තී වීරසේකර
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles