අද බන්ධනාගාර අර්බුදය ජාතික අර්බුදයක් බවට පත්වී ඇති අතර, ඒ සඳහා රජය හෝ අධිකරණය හෝ නිලධාරීන් හෝ සිරකරුවන් වගකිවයුතු නැති බවත්, කොරෝනාව නිසා ඇප ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස සිරකරුවන් නොසන්සුන්වී ඇති බවත් සාම බළකා නිර්මාතෘ නීතිඥ ෆයිසාල් රශින් මහතා පවසයි.
කොරෝනාව නිසා ඇප ලබා දීමට නොහැකි හේතුන් දෙකක් ඇතැයිද හෙතෙම කියා සිටී.
1. මත්ද්‍රව්‍ය නඩුවල රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම.
2. මිනීමැරුම් නඩුවල පහළ අධිකරණයෙන් සාක්ෂි නොගැනීම. (කොරෝනාව හේතුවෙන් සාක්ෂිකරුවන් නොපැමිණීම, සාක්ෂිකරුවන් පැමිණියද විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරයෙන් විවෘත අධිකරණයට ඉදිරිපත් නොකිරීම) කොරෝනා තත්ත්වය යටතේ මේ අර්බුදය සඳහා විසඳුම් හතරක් ඇති බව ද නීතිඥ ෆයිසාල් රශින් මහතා පෙන්වා දුන්නේය.
1. මාස 06කට වඩා වැඩි කාලයක් මත්ද්‍රව්‍ය ජාවාරම් නඩු සඳහා රක්ෂිත බන්ධනාගාරයේ සිටින විත්තිකරුවන්ට ඇප ලබා දීම.
2. මිනීමැරුම් නඩුවල මහෙස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි ලබාගත්තද, නොගත්තද, මාස 06 කින් පසුව ඇප ලබා දීම හෝ ීණශඡුෑ තාක්ෂණය මගින් පහළ අධිකරණයේ නඩු ඇසීම.
3. අභියාචනා කර ඇතිමුත්, විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින නඩුවල ඇප ඉල්ලීම පිළිබඳ ප්‍රමුඛතාවක් ලබා දීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීම.
4. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විමධ්‍යගත කිරීම (අඩු තරමින් පළාත්බදව) හම්බන්තොට, තානාපති මැඳුරෙහිදී ඊයේ (02දා* පැවැති ‘සාම බළකායේ’ ප්‍රාදේශීය නායකයන් ඇමතීමේ උත්සවයේදී නීතිඥ ෆායිසාල් රශින් මහතා මෙම අදහස් පළ කළේය.