චමින්ද සිල්වා
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම කොරෝනා රැඳවියන් හා සාමාන්‍ය රැඳවියන් එකට දැමීම නිසා සිදුවූවක් බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැුකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා ‘‘දිවයින’ට ඊයේ (30දා) පැවසීය.
කොරෝනා රෝගීන් 180 ක් බන්ධනාගාරයෙන් හමුවීමත් සමග ඔවුන් සාමාන්‍ය රැඳවියන් සමග එක් නොකරන ලෙස රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළත් ඔවුන් එය නොතකමින් කටයුතු කිරීම නිසා රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුම ඇති වී තිබෙන බවට දැන ගන්නට ලැබුණු බව ඔහු කීය.
බන්ධනාගාරවලින් කොරෝනා රෝගීන් වාර්තාවීමත් සමග රැඳවියන් බැලීමට පිටතින් පුද්ගලයින්ට පැමිණීම තහනම් කිරීම නිසා රැඳවියන් අතර ආහාර ප්‍රශ්නයක්ද නිර්මාණය වී ඇති බව සුදේශ් මහතා කීය.
මේ වනවිටත් දින හතරක සිට වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගි සිරකරුවන් පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන විරෝධතාවක් සිදු කරගෙන යන බවත් බලධාරීන් එය ගණනකට නොගෙන නොසලකා හැර ඇති බවත් සුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.
- Hits: 357