Divaina - අක්කරපත්තුව දැඩි අවදානම් 558 ක් ඊයේ සුවය ලබති

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

covid1999- පානදුර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීහු 140ක් නිරෝධායනයට

නැගෙනහිර පළාතේ අක්කරපත්තුව ප‍්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 58 දක්වා ඉහළ යෑමත් සමග අක්කරපත්තු ප‍්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවරගෙන ඇත.

අක්කරපත්තුව ප‍්‍රදේශයේ පවතින වසංගත තත්ත්වය පාලනය කරගැනීමේ පියවරක් ලෙස එම ප‍්‍රදේශය මෙලෙස අධි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය තවත් මරණ හතක් පෙරේදා (29වැනිදා) රාති‍්‍ර වාර්තා වීමත් සම`ග මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගියේය.

මොවුන් වයස අවුරුදු 50, 48, 73, 70, 51, 90 සහ 78 යන වයස්වල පසුවූ කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකි. මියගිය පුද්ගලයෝ කොම්පඤ්ඤවීදිය, ගොතටුව, මොරටුව, හලාවත. අකුරැස්ස, කොළඹ13 සහ මරදාන යන ප‍්‍රදේශයන්හි පදිංචිකරුවෝ වූහ.

මේ අතර ඊයේ (30දා) පස්වරු 6.15 වන විට පෑලියගොඩ පොකුරේ ආශි‍්‍රතයන් ලෙස තවත් ආසාදිතයන් 178 හ`දුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් ගණන 23662 දක්වා ඉහළ ගියේය.

එසේම ඊයේ (30 වැනිදා) දහවල් වන විට මෙරට කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 558 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

ඒ අනුව සුවය ලැබූ එම පිරිසත් සම`ග කොරෝනා ආසාදනය වීමෙන් පසුව

රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 17560 කි. එසේම තවත් රෝගීන් 6366 දෙනකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ප‍්‍ර‍්‍රවර්ධන කාර්යාංශය ස`දහන් කරයි.

මේ වනවිට දෛනිකව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළ යමින් පවතින අතර පෙරේදා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 496 දෙනා අතරින් 167 දෙනකුම කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී තිබිණි. ඒ අතරින් ආසාදිතයෝ 78 දෙනෙක්ම කොළඹ නාගරික සීමාවෙන් හඳුනාගනු ලැබූහ.

මේ අතර පානදුර පොලිස් අධිකාරී කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටා තිබෙන කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය.

මේ හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් 140 දෙනකුට වහාම පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ලැබීය. එසේ පීසීආර් පරීක්‍ෂණ සිදු කරනු ලැබූ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා ඇතුළු සියලූ නිලධාරීන් දින 14ක කාලයක් නිරෝධායනයට යොමු කිරීමටද කටයුතු කර ඇත.

සමන් ගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles