නව රජයේ 40 වැනි රාජ්‍ය ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ඊයේ (30දා) සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයේ ප්‍රධාන අරමුණකි. ජනතාව සඳහා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරයාද පිළිගෙන තිබේ.
කොවිඞ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලූ වසංගත රෝග ඇතිවීමේ ඉඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවට ජනාධිපතිවරයා තීරණය කළේය.නව රාජ්‍ය අමාත්‍ය ධුරය නිර්මාණය කළේ මේ පරමාර්ථය සපුරා ගනු පිණිස බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මීට පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.
ලසිත දුමින්ද