මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම ස`දහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඊයේ (30 වැනිදා) පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධිකරණ අමාත්‍යංශයේ නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් රෝහණ සපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරුන් පත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30 වැනිදා) ජනාධිපතිවරයා සහ අදාළ නිලධාරීන් අතර පැවති සාකච්ඡුාවක් අතරතුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් පරිදි අධිකරණ ඇමැතිවරයා විසින් මෙම කමිටුව පත් කිරීමට පියවර ගෙන ඇත.
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය වැනි දේ වළක්වා ගැනීමට ගතයුතු කි‍්‍රයාමාර්ග සහ නිර්දේශ පිළිබ`ද පූර්ණ වාර්තාවක් කමිටුව මගින් අධිකරණ ඇමැතිවරයාට භාරදිය යුතුව ඇත. සතියත් ඇතුළත අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර මසක් ඇතුළත කෙටිකාලීනව හා දීර්ඝකාලීනව ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබ`ද නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලබාදීමට නියමිතය.
සමන් ගමගේ