මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැුල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් ඊයේ (30 වැනිදා) පෙරවරුවේ මහර බන්ධනාගාරය වෙත ගොස් සිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
රැඳවියන් අටදෙනකු මරුමුවට පත් කරමින් තවත් 43 දෙනකුට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇතිවූ මෙම කැරැුල්ලට හේතුව සෙවීම සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් සෙවීමට මෙම විමර්ශන කණ්ඩායම කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැුල්ලෙන් පසු රැඳවියන් විසින් එහි දේපළ රැුසකට ගිනිතබා විනාශ කර ඇති බවද හෙළි වී තිබේ.
බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස බන්ධනාගාර රාජ්‍ය ඇමැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පොලිස්පති සී. ඞී. වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මේ අතර මහර බන්ධනාගාරයෙන් රැුඳවියන් පලා යෑම වළක්වා එහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 600 ක් යොදවා ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘‘දිවයින’’ට ඊයේ (30වැනිදා) පැවසීය.
ඊයේ දහවල් වනතුරුත් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් පැවැති අතර රැුඳවියන් පලායෑමට උත්සාහ කිරීමේ අවදානමක්ද උද්ගත වී තිබිණි.
එම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර මහර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් යොදවා ඇති බවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර බන්ධනාගාරය තුළ නැවතත් කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා තවත් විශේෂ පොලිස් කණ්ඩායම් සහ කැරලි මර්දන නිලධාරීන්ද සූදානම් කර සිටින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියේය.
හේමන්ත රන්දුණු