Divaina - සෙවිලි තහඩු නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

bas666
 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
  2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීමේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991 කට ආසන්න මුදලක් සාපරාධී සාවi පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා පහෙන්ම හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා ඊයේ (30 දා* නියෝග කළේය.
 
 දෙවන විත්තිකාර දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය සඳහා එම මුදල් යොදවා ඇත්තේ දිවිනැගුම ජාතික සභාවේ හා කළමනාකරණ මණ්ඩලයේ ඒකමතික තීරණයක් අනුව බවත් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු බැංකුවේ තැන්පත් කර තිබූ එකී මුදල් දිවිනැගුම සහනාධාරලාභීන්ගේ උන්නතිය වෙනුවෙන් වැය කිරීමේ බලය දිවිනැගුම පනතේ
 
 වගන්ති ප‍්‍රකාරව විත්තිකරුවන්ට හිමි බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝගය කළේය.
 
 ඒ අනුව පළමුවන විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතාට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛi නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අමිල කිත්සිරි රණවක හා එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන සිව්දෙනා ඔවුනට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ සියලූම අධිචෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරිණි.
 
 එකී මුදල් පොදු දේපළ පනත යටතට ගැනෙන මුදල් නොවන බව පැහැදිලිව සාක්‍ෂි මගින්ම අනාවරණය වී ඇතැයි සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් පැවසූ විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා ඒවා බෙදාදී ඇත්තේ පුද්ගලික අරමුණක් අනුව ක‍්‍රියාත්මක කළ තීරණයක් අනුව නොවනා බවත් දිවිනැගුම සහනාධාරලාභීන්ට මිස ඉන් පරිබාහිර සියලූම ජනතාවට එකී මුදල් බෙදාදීමක් සිදුකර නොමැති බවත් සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය.
 
 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇත්තේ දිවිනැගුම සහනාධාරලාභීන්ට අයත් මුදල් වන නිසා ඒවා එකී ප‍්‍රජාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු කිරීමේ අයිතිය දෙවන විත්තිකාර දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ දෙවන විත්තිකරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට දිවිනැගුම පනත අනුව බලතල ඇති බවද විනිසුරුවරයා කීය.
 
 ඒ අනුව එකී ක‍්‍රියාව වරදක් ලෙස උපකල්පනය කළත් විත්තිකරුවන්ට චෝදනා ගොනු කිරීමේ හැකියාවක් නොමැති බවද එහිදී සිය තීන්දුව විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශයට පත් කරමින් කියා සිටි විනිසුරුවරයා විත්තිකරුවන් දිවිනැගුම පනතට පරිබාහිරව කටයුතු කර නොමැති එකී කටයුත්ත බැංකු පනත යටතට ගැනෙන ක‍්‍රියාවක් මිස පොදු දේපළ පනතේ 12 වන වගන්තිය යටතට ගැනෙන වරදක් නොවන්නේ යැයිද පෙන්වා දුන්නේය.
 
 ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ලවී ඇත්තේ දෙවන විත්තිකාර දිවිනැගුම සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ කිත්සිරි රණවකට වන බැවින් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වන්නේ ද යන කරුණ මුලින් සලකා බැලීමට තම අධිකරණය තීරණය කළ බවත් එහිදී පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරු ලෙස ඉදිරිපත් කළ සාක්‍ෂිකරු ලබාදුන් සාක්‍ෂිය අනුවම එකී මුදල් වෙන් කිරීමෙන් කිසිදු ප‍්‍රතිලාභයක් විත්තිකරුවන්ට හිමිවී නොමැති බව තම අධිකරණයට පැහැදිලිව පෙනී යන්නේ යැයිද පෙන්වා දුන්නේය.
 
 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ බැංකුවේ තැන්පත් කර ඇත්තේ දිවිනැගුම සංවර්ධනලාභීන්ගේම මුදල් වන නිසා එමගින් බැංකුවට අලාභයක් සිදුවී නොමැති බවද මහාධිකරණ විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.
 
 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ එච්. සුමනපාල මහතා විසින් 2015 ජනවාරි 27 වැනිදා ¥ෂණ මර්දන ලේකම් කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව පරික්‍ෂණ පැවැත්වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015.06.02 වන දින බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ එම සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කර දිගින්
 
 දිගටම රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ ධම්මික හේමපාල මහතා නිකුත් කළ නියෝගයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන අයැදුම්පත් ගොනු කිරීමට සැකකරුවන්ගේ නීතිඥවරුන් පියවර ගෙන තිබිණි. එකී ප‍්‍රතිශෝධන අයැදුම්පත් සලකා බැලූ කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයාගේ ඇප ප‍්‍රතික්‍ෂේප කිරීමේ නියෝගය ප‍්‍රතිශෝධනය කර රක්‍ෂිත
 
 බන්ධනාගාර ගත කර දින 55 කට පසුව එම සැකකරුවන් ඇපමත මුදාහැරීමට නියෝග කොට තිබිණි.
 
 එකී සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතා කළ කරුණු දැක්වීමද සලකා බැලූ පූර්වගාමී මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය එලෙස ඔවුන් ඇපමත මුදාහැරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධිචෝදනා පහක් යටතේ එම විත්තිකරුවන් සිව්දෙනාට එරෙහිව 2016. වසරේ මැද භාගයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබිණි.
 
 සිතාසි නියෝග මත කැඳවූ විත්තිකරුවන් සිව්දෙනාට 2016.07.15 වැනිදා අධිචෝදනා භාරදීමට පියවර ගත් පූර්වගාමී මහාධිකරණ විනිසුරු එන්. පී. කරුණාතිලක මහතා පෙර ඇප මත ඔවුන් මුදාහැරීමට නියෝග කළ අතර 2016.10.19 වැනිදා අධිචෝදනා කියවා දී පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට ද මහාධිකරණය පියවර ගෙන තිබිණි.
 
 පසුකාලීනව කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා ඉදිරියේ පැවැති පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරනා ලෙස ඉල්ලා මොවුන්ගේ නීතිඥවරුන් පසුගිය 23 වැනිදා මහාධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනුකර තිබිණි.
 
 පසුගිය 25 වැනිදා එම නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ලිඛිතව අධිකරණයට ගොනු කර තිබූ අතර විත්තියේ ඉල්ලීම පරිදි විත්තියේ සාක්‍ෂි විභාගයකින් තොරවම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 200 (1*
 
 වගන්තිය ප‍්‍රකාරව විත්තිකරුවන් මුදාහරින්නේද නැතිද යන නියෝගය ඊයේ (30 දා* නිකුත් කිරීමට අධිකරණය දින නියම කර තිබිණි.
 
 නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ නිලන්ත විජේසිංහ, විජේසිරි අඩවත්ත ගනේෂ් ධර්මවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනරත් විජේසුන්දර, උදාර විජේසිංහ, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතිඥ නවීන් මාරපන ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles