Divaina - හිරගෙදර මිනී මරන තත්ත්වයක් ඇති කර ජාත්‍යන්තර අපවාදයකට පසුබිම සකස් කිරීම මහර සිද්ධියේ ඇත්ත කතාවයි.... ඇමැති විමල් මැති සබයේදී කියයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කුෂාන් සුබසිංහ - අකිත පෙරේරා
 
wim222 සැලසුම් සහගතව හිරගෙදර මිනී මරන තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් කාලේ හෙහෙම වුණා. ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයකට වාතාවරණය ඇති කිරීම මහර බන්ධනාගාර සිද්ධියේ ඇත්ත කතාව බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේය.
 
 මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ (30 වැනිදා* පැවැති පක්‍ෂ විපක්‍ෂ අදහස් දැක්වීම් අතරතුරදී ඇමැතිවරයා එසේ කීය.
 
 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සෘජු සම්බන්ධයක් ඊට ඇති බවත්, එය තදබදය මගින් ඇති වුණ ආතතියෙන් සිදු වුණු පිපිරීමක් නොවන බවත් ඇමැතිවරයා කීය.
 
 අනුර කුමාර දිසානායක මහතා (ජාජබ* - මහර බන්ධනාගාරයේ ඊයේ රාත‍්‍රි සිදුවුණු සිද්ධියෙන් මෘතශරීර 8 ක් රාගම රෝහලට ගෙනවිත් තිබෙනවා. 53 ක් තුවාල ලබා තිබෙනවා. තවත් තුවාල ලැබූ අය සිටිය හැකි බවට කරුණු දැක්වෙනවා. සිරකරුවන් සහ රැුඳවියන් යනු රාජ්‍ය භාරයේ සිටින අයයි. ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ මූලික
 
 වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. සිරකරුවන් දෙදෙනෙක් ඉන්න ඕන තැන 8 දෙනෙක් දාලා තිබෙනවා. රැුඳවියන්ගේ මේ නොසන්සුන්තාව ඒ හරහා නිර්මාණය වූ එකක්. ඒ වගේම පීසීආර් කරන්න කියන ඉල්ලීමත් මේ නොසන්සුන්තාවයට හේතුවෙලා තිබෙනවා.
 
 p1 4පොලිස් හෝ ආරක්‍ෂක අංශ සිදු කරන ලද වෙඩි තැබීමකින් ඝාතන සිදු වෙනවානම් එය රාජ්‍ය පාලනයට සුදුසු නැහැ.
 
 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා - කොවිඞ් පොකුරක් මහරින් නිර්මාණය වූ නිසා මෙම කැරැුල්ල ඇති වී තිබෙනවා. මහරින් පමණක් රැුඳවියන් 183 දෙනෙකුගෙන් යුත් කොවිඞ් පොකුරක් නිර්මාණය වනතුරු සෞඛ්‍ය බලධාරීන් මොනවද ගත්ත ක‍්‍රියාමාර්ග?
 
 මේ පිළිබඳව ස්වාධීන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදු විය යුතුයි. ලේකම්ලාගේ සභාපතිත්වයෙන් යුතුව පරීක්‍ෂණ පැවැත්වීම ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. එය සාධාරණ ක‍්‍රියාවක් නොවේ. ඒ වගේම රටේ සෙසු බන්ධනාගාරවල තත්ත්වයත් සොයා බලන්න. මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට පෙර සූදානමක් සැලැස්මක් රජයට තිබුණු බවක් අපට පෙනෙන්නට නැහැ.
 
 විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා - බෝගම්බරත් මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. අපේ ආණ්ඩුව කාලේ බෝගම්බර හිස් කරලා තිබුණේ. රැුඳවියන් 800 ක් එක පාරටම
 
 බෝගම්බරට ගෙනත් දැම්මා. එතනින් 150 කටම රෝගය වැළඳිලා තිබෙනවා. නගරය මැද මෙය තිබෙන්නේ. මෙය මහා විනාශයක්. මුළු නගරයටම මේක බෝ කරලා තිබෙන්නේ.
 
 බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති වෛi සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය - මෙම සිද්ධිය ඉතා අවාසනාවන්ත සිද්ධියක්? සති දෙක තුනක කාලයක සිට රැුඳවියන්ගේ උද්ඝෝෂණ අපි දැක්කා. බූස්ස
 
 බන්ධනාගාරයේත් යම් යම් දේ සිදු වුණා. බෝගම්බරින් පලා යෑමට උත්සාහ කළා. වෙඩි තැබීම් පවා සිදු වුණා. වැලිකඩ උද්ඝෝෂණ සිදු වුණා. වීරවිලත් නොසන්සුන්තාවක් සිදු වුණා. මෙය රැුල්ලක් විදිහට යන තත්ත්වයක් අපිට දකින්නට ලැබුණා.
 
 මිනුවන්ගොඩ කොවිඞ් පොකුර නිර්මාණය වූ වහාම බන්ධනාගාර සම්බන්ධයෙන් අපි විශේෂ ආරක්‍ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කළා. බන්ධගාරවලට රැුඳවියන් ගෙන ඒම නතර කළා. උසාවිවලට ඉදිරිපත් කිරීම සීමා කළා. ඒ වගේම බෝගම්බර තිබෙන්නේ අලූතින් පටන් ගත්ත එකක් නොවේ. තදබදය අවම කර ගැනීම සඳහා නිරෝධායනයට එය යොදා ගත්තා. වැලිකඩ රෝගීන් මහරට මාරු කළා.
 
 මහර බන්ධනාගාරය තුළින් රැඳවියන් ඊයේත් පලා යෑමේ ප‍්‍රයත්නයක් තිබුණා. ඒ පලා යෑමේ ප‍්‍රයත්නය වෙඩි තියලා නතර කර ගන්න නිලධාරීන්ට පුළුවන් වුණා. එහි වැඩි පිරිසක් ඉන්නේ කුඩු හා මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වරදවලට සම්බන්ධ රැඳවියන් සහ අච්චු කරපු අයයි. මේ දෙපිරිසද අතර ඝට්ටනයක් ඇති වුණා. එම ඝට්ටනය මගින් බන්ධනාගාරය තුළ විශාල දේපල හා අලාභහානි සිදු වුණා. ගිනි තිබ්බා. පොලිසිය, කැරැුලි මර්දන ඒකකය, විශේෂ කාර්ය බළකාය යොදවා එය මර්දනය කළා.
 
 අපි මෙහි අගමුල අනිවාර්යයෙන් සොයනවා. මේ පිටුපස අදිසි හස්තයක් තිබෙන බවට සැක පහළ වෙනවා. රහස් පොලිසියට මේ පිළිබඳව පරීක්‍ෂණ භාර දෙනවා.
 
 චමින්ද විජේසිරි මහතා (සජබ* - ඔබේ පැහැදිලි කිරීම පිළිබඳව අපට සෑහීමකට පත් වෙන්න බැහැ. මෙහි දුරස්ථභාවය කියන දෙයක් ආරක්‍ෂා වෙන්නෙ නැහැ. රැුඳවියන් එසේ හැසිරීම පිළිබඳව අපට වෙන සිතන්න දෙයක් නැහැ. වැලිකඩ පවා රැුඳවියන් මීට පෙර ඝාතනය වුණා. අදිසි හස්ත තිබුණු බව එදා ප‍්‍රකාශ කළා. පසුව තමයි කාගෙ වුවමනාවටද සිදු වුණ බව දැන ගත්තේ.
 
 කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා - මෙය ඇති වී තිබෙන තදබදයක ප‍්‍රතිඵලයක් නොවේ. සමයං කියන අපරාධකරුගේ
 
 ගෝලයෙකු වැලිකඩ හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායම වැලිකඩ හිරගෙදර රැුඳවියන්ට සිරප් කියලා පෙත්තක් දුන්නා. සිරකරුවන් දෙදෙනෙකුට බැගින් ඒ පෙත්ත දීලා බැලූවම ඒ පෙත්ත බිව්වම කෙනෙකුගේ ලේ දකින්න ඕන. මෙයාලා මේ අත්හදා බැලීම කරලා සූදානම් වුණා. වැලිකඩ
 
 හිරගෙදර මිනී මරන තත්ත්වයක් ඇති කර ගැනීමට. මේ දෙය කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නමුත් මේ වනවිට එය කර ගැනීමට බැරිව සිටින බලවත් හිරකාරයන් පිරිසක්. චතුරංග කියන පුද්ගලයන්ව ඒ අය මෙහෙයවූවා. බුද්ධි අංශ මෙය දැන ගෙන චතුරංග කියන හිරකාරයව වෙනත්
 
 හිරගෙදරකට මාරු කළා. ඊට සම්බන්ධ අයවත් වෙන් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කර ගන්න බැරි වුණා.
 
 නමුත් අවාසනාවන්ත විදිහට මහර හිරගෙදර බැක්අප් ප්ලෑන් එක සිද්ධ වෙලා තිබෙනවා. මේක අපි හිතන්න නරකයි ඇති වී තිබෙන ආතතියක පුපුරුවා හැරීමක් කියලා. මෙතන තිබෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනී මරන තත්ත්වයක් ඇති කර ඔන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් කාලයේ මෙහෙම වුණා. ජනාධිපති කාලයේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය ඇති කිරීමයි.
 
 අනුර කුමාර මහතා - අදිසි හස්තයක් තිබෙනවාද නැද්ද කියලා වෙනම පරීක්‍ෂණයක් කරන්න. මහරින් 183 ක් රෝගීන් ඊයේ හම්බුණා. අවුරුදු 82 ක අයෙක් මහරදී මිය
 
 ගියා. 82 ට වැඩි අය මැරෙන්න ඕනෑ කියලා නියමයක් නැහැනේ. එහෙනම් මේ ගොඩක් අය පාර්ලිමේන්තු එන එකක් නැහැ.
 
 බන්ධනාගාරයේ සිටින ඇතැම් අයට නඩු පවරන්නෙ නැතිව මාස ගණන් එහි සිරවෙලා සිටිනවා. ප‍්‍රශ්න මොනවා තිබුණත් සිරකරුවන්ගේ දැවෙන ප‍්‍රශ්නයක් තිබෙනවා. කොවිඞ් හැදෙයි කියලා බයෙන් ඉන්නේ.
 
 විපක්‍ෂ නායක - අමාත්‍යංශ ලේම්ගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පවත්වලා කොහොමද ඇත්ත තත්ත්වය සොයා  ගන්නේ ?
 
 සුදර්ශනී මහත්මිය - මම කිසිම වේලාවක කිව්වේ නැහැ දේශපාලන හස්තයක් මෙතන තිබෙනව. කියලා. මම කිව්වේ අදිසි හස්තයක් තිබෙන බවටයි. දේශපාලන හස්තයක් තිබෙන බවට විපක්‍ෂය තොප්පියක් දාගෙන තිබෙනවා.

 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles