Divaina - කොස්ගොඩ සුජීවගේ මුදල් ආයෝජන කළැයි අම්බලන්ගොඩ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් දැලේ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re1 4හෙරොයින් ජාවාරම්, මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජගමුනි සුජීව ද සොයිසා හෙවත් ‘‘කොස්ගොඩ සුජීව’’ නමැති පාතාල නායකයාගේ මුදල් ආයෝජනය සම්බන්ධව කටයුතු කරන අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු යැයි කියන 41 හැවිරිදි පුද්ගලයකු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (29දා) අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය විදුහල්පතිවරයකු මෙන්ම ශිෂ්‍ය භට බළකායේ පුහුණුකරු ලෙසද කටයුතු කරන සැකකරුට රුපියල් කෝටි 40 ක පමණ චංචල සහ නිශ්චල දේපොළ හිමිව ඇති බවත්, බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි සැකකරුගේ බිරිඳ ද අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ රැුකියාවක් කරන බවත් පොලිසිය පවසයි.

කොස්ගොඩ සුජීව නමැති පාතාල නායකයා සැකකරුගේ බිරිඳගේ මවගේ මල්ලී බවත් (මාමා) කොස්ගොඩ සුජී දිනකට 25 වතාවක් පමණ ජංගම දුරකථන ඔස්සේ සැකකරු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු විසින් බලපිටිය ප‍්‍රදේශයේ සුවිසල් හෝටලයක් ඉදිකරන බවත්, සැකකරු පාතාල නායක කොස්ගොඩ සුජීවගේ උපදෙස් මත හෙරොයින් ජාවාරම් ඇතුළු විවිධ අපරාධ වලින් උපයා ගත් මුදල් වලින් නවීන පන්නයේ වාහන, ඉඩම්, නිවාස සහ බෝට්ටු මිලදී ගෙන ඇති බවටත් අනාවරණය කරගෙන ඇත. හෙතෙම කොස්ගොඩ සුජීවගේ ගිනි අවි ජාවාරමට සම්බන්ධ අයකු බවටද අනාවරණය වී ඇතැයි බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණයෙන් බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. කේ. ඞී. විජය ශ‍්‍රී මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ඕ. කේ. ටී. නානායක්කාර, ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ජයන්ත ධර්මකීර්ති, පොලිස් පරීක්‍ෂකවරුන් වන අජිත් සේනානායක, පතිරාජ සූරිය, සැරයන් මංජුල (48941), කොස්තාපල්වරුන් වන අමිල (39088) සහ ජයසිංහ (48194) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති. සැකකරු රැුඳවුම් නියෝග යටතේ රඳවා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles