Divaina - පසුව ගෙවීමේ පදනම මත සරසවි එන නවක සිසුන්ට පරිගණකයක් ගන්න ණය මුදලක්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

loan1විශ්වවිද්‍යාලවලට ඇතුළු කර ගන්නා සියලූම නවක සිසුන් හට පරිගණකයක් ලබාදීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

රැකියාවක නිරත වීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත මෙසේ පරිගණක ලබාදීමට තීරණය කර ඇත.

පරිගණකය මිලට ගැනීම සඳහා සෑම සිසුවකුටම ණය මුදලක් ලබාදීමට මහජන බැංකුව එකඟතාව පළකර තිබෙන බවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ මාසිකව ගෙවිය යුතු වන්නේ එම මුදලට අදාළ පොලී මුදල පමණක් බවත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2020 වාර්ෂයේ පර්යේෂණ පත‍්‍රිකා එළිදැක්වීම නිමිත්තෙන් 26 දා එම ආයතනයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙයට පෙර විශ්වවිද්‍යාල සිසුන්ට පරිගණක මිලට ගැනීම සඳහා ණය මුදලක් ලබාදී පොලියට අමතරව ණය මුදලේ කොටසක්ද ඔවුන්ගෙන් මාසිකව අයකර ගත් බවත්, මහපොළ ශිෂ්‍යත්ව ආධාර ලෙස ලැබෙන රුපියල් 5000.00 න් රුපියල් 2500.00 ක් පමණ බැංකු ණය මුදල ගෙවීම සඳහා වැය කිරීමට සිසුන්ට නොහැකි නිසා මෙම තීරණය ගත් බවත් සභාපතිවරයා පැවසුවේය.

පරිගණකය මිලට ගැනීම සඳහා ලබාදෙන ණය මුදලට අදාළ මාසික පොලිය රුපියල් 500.00 ක් පමණ වන බවත්, එය ක‍්‍රමානුකූලව ගෙවාගෙන ගොස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කර රැකියාවක් ලබාගත් පසු ණය මුදල ගෙවීමට සිසුන්ට අවස්ථාව හිමිවන බවත් අමරතුංග මහතා කීය.

විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරන පරිගණක ඉංජිනේරුවරුන් සිසුන්ගේ අවශ්‍යතා අනුව නිර්දේශ කරනු ලබන පරිගණකයට අදාළ ණය මුදල් බැංකුව මගින් ලබාදෙන බවත් ඒ සඳහා වසර හතරක රක්ෂණ ආවරණයක්ද හිමිවන බවත් හෙතෙම අවධාරණය කළේය.

කොවිඞ් අර්බුදයත් සමඟ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ සිදුකරන බැවින් සෑම සිසුවකුටම පරිගණකයක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන බවත්, එය සැලකිල්ලට ගෙන නව වැඩපිළිවෙළ දියත් කරන බවත් කී මහාචාර්යවරයා, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනයට ඇති නැති පරතරය සාධකයක් කර නොගැනීමට අවශ්‍ය සියලූ කටයුතු සිදුකරන බවත් ප‍්‍රකාශ කළේය.

සමන්තී වීරසේකර

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles