Divaina - දැදුරුඔයේ වැලි ජාවාරම අල්ලන්න ගිය පොලිස් කොස්තාපල් ටිපර් රියට යටකර මැරූ රියදුරු අල්ලයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 4* මහමග දමාගිය ටිපර් රථයත් සොයා ගැනේ

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව පෙරේදා (28දා) රාත‍්‍රියේ දැදුරු ඔයේ වැලි ජාවාරමේ නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමකදී කොබෙයිගනේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු හාතලව ප‍්‍රදේශයේදී යටකර මරණයට පත්කර පලාගිය ටිපර් රථයේ රියැදුරු ඊයේ (29දා) උදෑසන 11.30ට පමණ නිකවැරටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් මරුමුවට පත්වූයේ කොබෙයිගනේ පොලිසියට අනුයුක්තව සේවය කළ නිකවැරටිය අඹගම්මන ප‍්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු වන 32 හැවිරිදි නදීප් ආකාෂ් රත්නායක (76013) නමැති පොලිස් කොස්තාපල්වරයාය.

දැදුරු ඔයේ නීති විරෝධී වැලි ගොඩදැමීමක් සිදුවන බවට කොබෙයිගනේ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් 5 දෙනකු පෙරේදා මධ්‍යම රාත‍්‍රියේ අදාළ ස්ථානයට ගොස් තිබුණි. ඔවුන් එලෙස ගොස් තිබුණේ දැදුරු ඔයේ හාතලව නම් ස්ථානයටය. වැලි ජාවාරම්කරුවන් මෙම ස්ථානය හඳුන්වන්නේ ‘පන්සල් මංකඩ තොටුපළ’ ලෙසය.

එම අවස්ථාවේදී වැලි පටවා ගත් ටිපර් රථයක් ඉදිරියට පැමිණ තිබූ අතර පොලිස් නිලධාරීන් රථය නවත්වන්නැයි සංඥා කර තිබේ. ඊට අවනත නොවූ ටිපර් රථ රියැදුරු රථය නොනවත්වා ඉදිරියට ධාවනය කරමින් එක් පොලිස් නිලධාරියකු යටකර එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

p1 6ඉන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා නිකවැරටිය මූලික රෝහල වෙත රැගෙන ගියත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අදාළ ටිපර් රථය කුලියාපිටිය ප‍්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය විසින් ඊයේ උදෑසන සොයාගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියැදුරු නිකවැරටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වීමට නියමිත බව පැවසූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මියගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව යටතේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව ද පැවසීය.

මියගිය පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය නිකවැරටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් පැවැත්වීමට නියමිතව තිබුණි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles