ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ බණ්ඩාරගම - ආර්. එම්. පේ‍්‍රමතිලක
හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටලූගම ග්‍රාමසේවා වසම්වල පදිංචිකරුවන්ගේ සංචරණයන් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් නිරීක්ෂණය කිරීම පෙරේදා (28 වැනිදා* සිට ආරම්භ කෙරිණි.
එය පොලිස් මූලස්ථානයේ රථ වාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙහිදී හෙළිකොප්ටර් හා ඩ්‍රෝනා කැමරා ආශ්රයෙන් නිරීක්ෂණය කිරීමේදී එම පදිංචිකරුවන් විශාල වශයෙන් ඒකරාශී වී ගැවසෙන අයුරු දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.
හෙළිකොප්ටර් යානා එම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී ඔවුන් නිවෙස් තුළට යන අයුරු නිරීක්ෂණය වූ බව ද හෙතෙම කීය.
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 200 කට අධික පිරිසක් අටලූගම හුදෙකලා කරන ලද ග්‍රාමසේවා වසම් තුළින් මේ වනවිට වාර්තා වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.