Divaina - 2020 රාජ්‍ය මූල්‍ය ආදායමෙන් 74%ක් ලැබී අවසන් - රජයේ මුදල් කමිටුවේදී අනාවරණය වෙයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mudal3332020 රාජ්‍ය මූල්‍ය ආදායමෙන් මේ වන විට 74%ක් ලැබී අවසන් යැයි ද එය අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම වන රුපියල් බිලියන 1580න් 1124ක් වන බව ද පෙරේදා (26 දා) රජයේ මුදල් කමිටුවේදී අනාවරණය විය.

 මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා මේ බව ප‍්‍රකාශ කළේ රජයේ මුදල් කාරක සභාවේ සභාපති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා 2020 වසරෙහි රාජ්‍ය ආදායම පිළිබඳව සිදුකළ විමසුමකට පිළිතුරු දෙමිනි.

අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පෙරේදා (26 දා) රජයේ මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අතර මෙම අවස්ථාව සඳහා රජයේ මුදල් කමිටුවේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් සහ එම්.ඒ. සුමන්දිරන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා, අනුප පැස්කුවල්, සහන් ප‍්‍රදීප් යන මන්ත‍්‍රීවරු ද සහභාගී වූහ.

ඔවුනට අමතරව, එම රැුස්වීම සඳහා එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් ද, ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආර්ථික පර්යේෂණ විශේෂඥයෝ පිරිසක් ද, විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු ද, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා ද සහභාගී ව සිටියහ.

එම කාරක සභාව මෙසේ රැස්වූයේ, ස්ථාවර නියෝග 121ට අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති 06ක් ඇතුළතදී එම මුදල් වෙන් කිරීම රජයේ ප‍්‍රතිපත්ති සමග සමපාත වන්නේද යන්න සොයා බැලීමට සහ ඇස්තමේන්තුකරණය පිළිබඳව වාර්තාවක් මෙම කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිසය.

අයවැය හා සම්බන්ධ සියලූම දත්ත අතිශය නිරවද්‍ය වීම ඉතා වැදගත් බව මෙහිදී පැවසූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එය ඉදිරි අනාගතයේ මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධව දේශීය හා විදේශීය වශයෙන් දැඩි ලෙස බලපාන්නක් බව ද කාරක සභාවට කීවේය.

එම අවස්ථාවේදී 2021 වර්ෂයේ ආදායම පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු තබා ගත හැකිදැයි අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් විමසූ අතර ඔහු වසරේ පළවන කාර්තුවෙහි ආර්ථික පසුබෑම සත්‍යයක් නමුත් දෙවන සහ තෙවන කාර්තුව සම්බන්ධ බලාපොරොත්තු අතිශය සුභවාදී බව සිය දත්ත ඇසුරෙන් පැවසීය.

එම දත්ත නිවැරදි නම්, මෙරට ආර්ථිකය පවතිනුයේ යහපත් තත්ත්වයක් බව රජයේ මුදල් කමිටුවේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් සහ එම්.ඒ. සුමන්දිරන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා සහ අනුප පැස්කුවල් යන මන්ත‍්‍රීවරු පිළිගත්හ. පැමිණි සිටි සියලූ කාරක සභා සභිකයෝ ඉදිරියේ දී අයවැයට අදාළ දෙවැනි වාර්තාව පිළිගැන්වීම සඳහා සිය එකඟතාවය ද පළ කළහ.

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles