සමන් ගමගේ
සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට ජනාධිපති පොදු සමාවක් ලබාදීමට තීරණය කර තිබේ. බන්ධනාගාරයේ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත. එම ජනපති පොදු සමාවට අදාළ ලිපිය ඊයේ (27 වැනිදා* වන විට බන්ධනාගාර මූලස්ථානයට ලැබී තිබුණු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් ‘දිවයින’ට සඳහන් කළේය.
ඒ අනුව රට පුරා ඇති සියලූම බන්ධනාගාරවලට ඒ සම්බන්ධයෙන් දන්වා යැවීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කටයුතු කර ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධයෙන් විවිධ බන්ධනාගාරවල රඳවා සිටින 700 ක් පමණ වූ සිරගත රැු`දවියන්ට නිදහස්ව යෑමට අවස්ථාව හිමිවනු ඇතැයිද සඳහන් වෙයි.
මේ අතර මෙරට බන්ධනාගාරවල පවතින තදබදය හමුවේ මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිරද`ඩුවම් වි`දින පුද්ගලයන්ට ද පොදු සමාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව මේ වන විට බන්ධනාගාර මූලස්ථානය ම`ගින් මරණීය දණ්ඩනය සහ ජීවිතාන්ත සිරදඬුවම් ලැබ සිටින රැු`දවියන්ගේ නම් ඇතුළත් ලේඛනයක් අදාළ අංශ වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.
එහිදී මරණීය දණ්ඩනය හිමිවී වසර විස්සක කාලයක් බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ට ජීවිත සමාවක් ලබා දී ඒ අය ජීවිතාන්ත සිරද`ඩුවම් ලබන අය බවට පත් කිරීමටත් වසර 25ක කාලයක් ජීවිතාන්ත සිරද`ඩුවම් වි`දි රැු`දවියන් සාමාන්‍ය සිරකරුවන් තත්ත්වයට පත්කර සමාවක් ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත.
මෙම පොදු සමාව හිමිවීමේදී කිසිසේත්ම මත්කුඩු චෝදනාවලට සහ පාතාල අපරාධ ස`දහා ද`ඩුවම් විඳිමින් සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ට හෝ පාතාල මැරයන්ට කිසිදු සමාවක් හිමි නොවන බව ද ස`දහන් වෙයි.