Divaina - රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ගේ ප‍්‍රයෝජනයට ‘බැටිකලෝ කැම්පස්’ යොදා ගන්නවා... ඇමැති ජී.එල්. පාර්ලිමේන්තුවේදී කියයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා
 
 batik135බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ගේ ප‍්‍රයෝජනය සඳහා භාවිත කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27 දා* පැවසීය.
 
 විවාදයට තුඩු දී තිබෙන බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
 
 බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ පාඨමාලා අතරට ශරියා නීතිය ඇතුළත්ව පැවතියේ ද යන්න කාවින්ද ජයවර්ධන මහතා ප‍්‍රශ්න කළ අතර, එවැනි පාඨමාලාවක් අන්තර්ගතව තිබූ බව ඊට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා පැවසීය.
 
 පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කරමින්, මිනිස් ජීවිත 350කට අධික සංඛ්‍යාවක් අහිමි කළ ප‍්‍රධාන ත‍්‍රස්තවාදීයා වන සහරාන් සමග සබඳතා පැවැත් වූ පුද්ගලයන් ද බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයට සම්බන්ධව ක‍්‍රියා කළ බව පැවසූ කාවින්ද ජයවර්ධන මහතා එම පුද්ගලයන් එම්.එස්.ඞී. ආරක්ෂාව යටතේ සාක්ෂි දීමට ජනාධිපති කොමිසමට පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළේය.
 
 අන්තවාදීන් පෝෂණය කළේ පසුගිය රජය බවත්, එහි ප‍්‍රතිවිපාක වර්තමානයේදී බුක්ති විඳීමට සිදුව ඇති බවත්, ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙහි දී ප‍්‍රකාශ කළේය.
 
 මේ අතර ජාතික පාසල් අලූතින් ආරම්හ කිරීමේ දී එකඳු ජාතික පාසලක් හෝ නොමැති ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
 
 වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස හෙතෙම පැවසුවේ ඒ සඳහා වැඩපිළිවෙළක් මේ වන විටත් ක‍්‍රියාත්මක බවයි.
 
 පළාත් සභා ක‍්‍රමය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බැවින්, එම මැතිවරණය පවත්වන තුරු පළාත් සභා පාසල් පිළිබඳව මධ්‍යම රජය විශේෂ අවධානයකින් පසුවන බව ද එස්.එම්. මරික්කාර් මහතා යොමු කළ අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles