Divaina - මාදුරුඔය උද්‍යානයේ මහා වන විනාශයක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සුජීව තත්සර
 
mad333 නැගෙනහිර පළාතේ විශාලතම වන උද්‍යානය වන මාදුරුඔය ජාතික වන උද්‍යානයේ දැවැන්ත වන විනාශයක් සිදු වෙමින් පවතින බව වාර්තා වෙයි.
 
 කලක පටන් සිදුවන මෙම වන විනාශය හරහා තේක්ක, නැදුන්, හල්මිල්ල ආදී වටිනා ගස් දැව ජාවාරම්කරුවන් විසින් කපා දෛනිකව කරත්ත මගින් වනාන්තරයෙන් පිටතට රැුගෙන යමින් පවතින බව ප‍්‍රදේශවාසීහු පවසති.
 
 වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පළාතේ මැති ඇමැතිවරුන්ගේ කිසිදු අවධානයක් අදාළ වන විනාශය කෙරෙහි යොමු නොවීම තුළ ජාතික වටිනාකමින් යුත් පරිසර කලාපයක් මෙලෙස දිනෙන් දින අභාවය කරා යමින් පවතින බවට පරිසරවේදීහු චෝදනා කරති.
 
 මාදුරුඔය ජාතික වන උද්‍යානයේ වෙසෙන අලි ඇතුන් ඇතුළු සත්ත්වයන්ද නිතර ගම්වැදීම හේතුවෙන් ගම්වාසීන් ගැටලූ රැුසකට මුහුණ පා ඇතැයිද වාර්තා වෙයි.
 
 මාදුරුඔය උද්‍යාන භාරකරු වෙත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇතත් මේ දක්වා ඒ වෙනුවෙන් නිසි මැදිහත්වීමක් සිදු කර නැතැයි ද ගම්වාසීහු චෝදනා කරති.
 
 මේ අතර මහඔය විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය දා මාදුරුඔය ජාතික උද්‍යානයේ දැව ජාවාරමුන් සොයා මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර ඇති අතර එහිදී දැව ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු සහ කපා රැුගෙන යෑමට සූදානම් කර තිබූ දැව තොගයක්ද සිය භාරයට ගෙන තිබිණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles