Divaina - පොලිස් පොඞ්ඩන්ට තෑගි දුකක්....

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
 
poliks135පොලිස් භාරයට ගනු ලබන මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු හා බෙහෙත් කොටන තුවක්කු සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් එම වැටලීම් කරනු ලබන පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් නොගෙවීමට තීන්දු කර ඇති නිසා පොලිස් පොඞ්ඩෝ කලකිරීමට පත්ව සිටිති.
 
පොලිස් භාරයට ගනු ලබන ගිනිඅවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් ත්‍යාග මුදල් ගෙවීමේදී මෙරට නිෂ්පාදිත වෙනත් ඕනෑම තුවක්කුවක් පොලිස් භාරයට ගන්නා නිලධාරීන්ට රුපියල් 15000ක ත්‍යාග මුදලක් ලබා දෙන බවට මීට පෙර චක‍්‍රලේඛන මගින් දැනුම් දී තිබුණි. එහෙත් 26 වැනිදා චක‍්‍රලේනයක් මගින් දැනුම් දී ඇත්තේ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු හා කැප් තුවක්කු සඳහා ත්‍යාග මුදල් ලබා නොදෙන බවය.
 
මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ හා මහජන ආරක්ෂක නව කැබිනට් ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ අවධානය යොමුවිය යුතුව ඇති බව පොලිස් පොඞ්ඩෝ පවසති.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles