Divaina - අඩු කළ සීනි බදු මුදලාලිලාගේ සාක්කුවේ....

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

වාසුගේ පක්‍ෂයේ බහුජන සංවිධාන ලේකම් සංජීව ධම්මික

අනුරාධ හිරිපිටියගේ



sanjee222සීනි කිලෝවක් සඳහා රුපියල් හැත්තෑ පහක්ව පැවැති ආනයනික විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත විසිපහ දක්වා වත්මන් ආණ්ඩුව අඩු කළත් එහි වාසිය පාරිභෝගිකයන්ට ලැබී නැතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ බහුජන සංවිධාන ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයිනට’ ඊයේ (27දා* පැවසීය.

එම වාසිය මේ වන විට කළු කඩ මුදලාලිලා ඩැහැගෙන ඇතැයි ද ඔහු කීවේය.

රුපියල් අසූපහකට සීනි කිලෝවක් අලෙවි කළ යුතු බවට රජය මගින් කොන්දේසි පනවා ඇතත් සාමාන්‍ය වෙළෙඳපොළේ එය අලෙවි වන්නේ රුපියල් එකසිය තිස්පහක් වැනි මිලකට යැයි ද හෙතෙම කීවේය. ස.තො.ස. මගින් රුපියල් අසූ පහකට සීනි කිලෝවක් අලෙවි කරනු ලැබූව ද බොහෝ ස.තො.ස. අලෙවිසල්වල සීනි නැතැයි ද සංජීව ධම්මික මහතා පැවසීය.

සීනි සඳහා පැවැති ආනයනික විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත විසිපහ දක්වා අඩු කෙරුවේ දේශීය ව්‍යාපාර සඳහා රුකුලක් ලබා දීමට මුත් එය ඉටුවී නැතැයි ද හෙතෙම කීවේය.

සීනි ආශ‍්‍රිත බේකරි නිෂ්පාදනවල ද මිල අඩු විය යුතුව තිබුණ ද එය ද එසේ වී නැතැයි ද සංජීව ධම්මික මහතා පැවසීය. අඩු කළ බදු මුදල් කළුකඩ මුදලාලිලාට ගසා කෑමට පුළුවන් වීම ඛේදවාචකයක් යැයි ද හෙතෙම කීවේය.


 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles