Divaina - ස්වීඩනයේ තානාපති කාර්යාලය ගැන ශී‍්‍ර ලාංකිකයෝ කලකිරීමෙන්.... ජනපතිට පැමිණිල්ලක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කීර්ති වර්ණකුලසූරිය
 
sweeda135 ස්විඩනයේ ස්ටොක්හෝම්හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය එරට වාසය කරන ශී‍්‍ර ලාංකිකයන්ගේ අවශ්‍යතා කෙරේ සැලකිල්ලක් නොදන්වන බවට ස්විඩනයේ පදිංචි රංජිත් කලන්සූරිය මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
 
 අපේ තානාපති කාර්යාලය ඇමතූ විට ඉංගී‍්‍රසියෙන් කතා කරන ලෙස කියනවා. පසුගිය දින කීපය තිස්සේ තානාපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමට සිදු වුණා යැයි හෙතෙම ඊයේ (27 දා* ස්ටොක්හෝම් නුවර සිට දිවයින අමතමින් කීවේය.
 
 ස්විඩනයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ කි‍්‍රයා කලාපය ගැන ශී‍්‍ර ලාංකිකයන් දැඩි කලකිරීමකින් සිටින බව පැවසූ කලන්සුරිය මහතා මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
 
 ස්විඩනය තුළ සිදුවන කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරකම් ගැන ද තානාපති නිලධාරින් අවධානය යොමු නොකරන බව ඒ මහතා කියා සිටී.

 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles