Divaina - කොග්ගල පදිංචි අයි.ඞී.එච්. හෙදියට කොරෝනා

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

idh1 1කොග්ගල ප‍්‍රදේශයේ පදිංචි කොළඹ අයි.ඞී.එච්. රෝහලේ සේවය කරන හෙදි නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප‍්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

මෙකී හෙදි නිලධාරිනිය පසුගිය 22 දා සිය නිවසට පැමිණ ඇත. ඇය ගැහැණු දරුවකු වැඩිවියට පත්වීම නිමිත්තෙන් කොග්ගල ප‍්‍රදේශයේ නිවසක පැවති සාදයකටද සහභාගි වී ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

ඇය 24 දා නැවත සේවයට වාර්තා කිරීම සඳහා කොළඹ අයි.ඞී.එච්. රෝහලට ගොස් ඇත. එහිදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

හෙදි නිලධාරිනිය සහභාගි වූ සාදයට 50 දෙනකු පමණ සහභාගි වී ඇති බවට දැනට අනාවරණය වී ඇති බව පවසන හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම නිලධාරිනියගේ ආශ‍්‍රිතයන් සොයා නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles