Divaina - හිජාස් හිස්බුල්ලාට කෝටි ගණනක මුදල් ලැබීම ගැන 115 ගෙන් ප‍්‍රකාශ ගත්තා....

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටී
 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
deled පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන්ට නීති විරෝධී අන්දමින් සහාය ලබා දීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට දේශීය සහ විදේශීය වශයෙන් කෝටි ගණනක මුදලක් ලැබීම පිළිබඳව සිදු කරන විමර්ශන සඳහා මේ වනවිට 115 දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (24 දා* කොටුව මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතාට පෙන්වා දුන්නේය.
 
 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා ගත් රැුඳවුම් නියෝග අනුව රඳවා තබා මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන එම විමර්ශනවලට අදාළව සාක්ෂි සම්පිණ්ඩන අධිකරණයට ලබාදුනහොත් සෙසු පාර්ශ්වලට ඒවා නිරාවරණය වීමෙන් ඉදිරි විමර්ශනවලට දැඩි බාධාවක් විය හැකි බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 එම නීතිඥවරයා මේ දක්වා අධිකරණය හමුවේ සැකකරුවකු ලෙස නම් කර නොමැති බැවින් එම සාක්ෂි සම්පිණ්ඩන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පැමිණිල්ලට නියෝග කිරීමේ නීතිමය බලයක් අධිකරණයට නොමැති බව ද ස්කයිබ් තාක්ෂණය ඔස්සේ අධිකරණය අමතමින් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේය.
 
 නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද එහිදී ස්කයිබ් තාක්ෂණය ඔස්සේ අධිකරණය ඇමතූ අතර විත්තියේ ඉල්ලීම පරිදි සාක්ෂි සම්පිණ්ඩන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තම අධිකරණය විසින් පසුගිය අගෝස්තු මස පැමිණිල්ලට කරන ලද නියෝගය සම්බන්ධව ලිඛිත දේශන ලබන 08 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා දෙපාර්ශ්වයට නියෝග කළේය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles