ඒ. ජේ. ඒ. අබේනායක
අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය පනතේ චෝදනා යටතේ නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඞ් මිහාර් මහතා ඊයේ (24 දා* ප්‍රතික්ෂේප කළේය.
සිය සේවාදායකයන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තබාගත් බවට හා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් ඇපමත මුදාහැරීමේ බලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඇති බවට එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවන් පිළිබඳව නියෝග නිකුත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
සැකකාර නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට රැුගෙන එන ලද මත්ද්‍රව්‍ය තොග පිටින් නිල වාහන හා පෞද්ගලික වාහන උපයෝගි කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඔවුන් අතර බෙදා ගත් බවට ඔවුන් සමග සේවය කළ නිලධාරීන්ම ලබාදුන් ප්‍රකාශ අනුව පැහැදිලිව පෙනී යන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ලිඛිත හා වාචිකව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග පිටින් සන්තකයේ තබාගෙන ජාවාරම් කළ බවට එකී කි‍්‍රයාවලිය සඳහා සහභාගි වූ සිවිල් පුරවැසියන් ලබාදුන් සාක්ෂි අනුව ද පැහැදිලිව පෙනී යන බවත් ඒ අනුව ඔවුනට ඇප ලබාදීමේ නීතිමය බලය ඇත්තේ මහෙස්ත්‍රාත් අධිකරණයට හෝ මහාධිකරණයට පමණක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේය.
එම නඩුවේ සැකකරුවන් වන පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න, උප පොලිස් පරීක්ෂක ගයාන් තරංග පේ‍්‍රමරත්න සිල්වා, පොලිස් සැරයන් චමින්ද ලක්ෂ්මන් ජයතිලක, පොලිස් සැරයන් සමන් කුමාර ජයසිංහ, පොලිස් සැරයන් චමිල ප්‍රසාද් වතුකාර, පොලිස් කොස්තාපල් පි‍්‍රයංකර ජයරත්න, රුවන් පුෂ්ප කුමාර, අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, සමීර ප්‍රදීප් කුමාර, ලක්ෂාන් සමීර වන්නිආරච්චි, ලලිත් ජයවර්ධන, අතුල ජයන්ත බණ්ඩාර, දිනේෂ් නිර්මල ජයසිංහ යන 13 දෙනා ලබන 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
- Hits: 340