ඒ. ජේ. ඒ. අබේනායක
ද්‍රවිඩ දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු විවිධ සංවිධාන විසින් මියගිය එල්. ටී. ටී. ඊ. නායකයන් සහ සාමාජිකයන් සැමරීම සඳහා ඉදිරි සතිය තුළ පැවැත්වීමට සංවිධානය කර ඇති මහවිරු සැමරුම් උත්සව තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (24 දා* මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු කණ්ඩායම සිය කරුණු දැක්වීම් සිදු කළහ.
මේ අතර යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට යොමු කර සිටි නීතිපති දෙපාර්තමේන්තු කණ්ඩායම ගමන් ගත් හෙලිකොප්ටර් යානය එම ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගොඩ බැස්ස වීමට නොහැකි වී ඇති අතර එම නිලධාරීන් අද (25 දා* යාපන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට නියමිතව ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට ප්‍රකාශ කළාය.
- Hits: 427