Divaina - යාපනය උසාවියෙන් ගෝඨාභයට නිකුත් කළ සිතාසිය බල රහිත කරයි....

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ඒ. ජේ. ඒ. අබේනායක
 
 gog222යාපනය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ප‍්‍රකට සමාජ කි‍්‍රයාකාරීන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දන්වා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසිය අභියාචනාධිකරණය ඊයේ (24 දා* බලරහිත කළේය.
 
 2011 වසරේදී සිදුවී ඇතැයි කියන එම අතුරුදන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නියෝගය පරිදි යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් හබයාස් කෝප‍්‍රස් පරීක්ෂණයක් ආරම්භ කොට තිබූ අතර එම පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දන්වා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් සිතාසි නිකුත් කොට තිබිණි.
 
 පසුගිය ජනාධිපතිවරණයට මාස කිහිපයක් තිබියදී නිකුත් කොට තිබූ එකී සිතාසියට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඞී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24 දා* නිකුත් කළහ.
 
 යම් අයකු සාක්ෂිකරුවකු ලෙස සිතාසි නිකුත් කර කැඳවීමේ බලය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඇතත් එලෙස කැඳවනුයේ කුමන කරුණක් සඳහා දැයි එකී සිතාසිය මගින් නිශ්චිතව සඳහන් කර තිබීම ඉතා අත්‍යවශ්‍ය බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ වර්තමාන ජනාධිපතිවරයා වෙත නිකුත් කර ඇති එකී සිතාසිය පෙර කී කරුණු නිශ්චිතව සඳහන් කර නොමැති බැවින් එය අවිධිමත් සිතාසියක් ලෙස පෙනී යන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය.
 
 තම අධිකරණයේ එම නියෝග වහාම යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඩුල්ල එහිදී නීතිපතිවරයාට නියෝග කළේය.
 
 නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. නීතිඥ නුවන් බෝපගේ මහතා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන දෙදෙනාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටියේය.
 
 කිසිවකුගේ රබර් මුද්‍රාවක් බවට පත් නොවී අධිකරණ මනසකින් යුතුව කටයුතු කිරීම අධිකරණයේ වගකීම වන්නේ යැයි ද සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් මහතා තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles