කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (24 වැනිදා) වන විට දහස (1000) ඉක්මවනු ලැබීය.
ඊයේ දහවල් වන විට කොරෝනා වෛරසයට ගොදුරු වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1039 ක් බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.
මේ අතර පොලිස් නිලධාරීන් 2600 ක පිරිසක් මේ වන විට නිරෝධායනයට සහ ස්වයං නිරෝධායනයට ලක් කර සිටින බවද පොලිස් ආරංචිමාර්ග කියා සිටියි.
කොරෝනා වෛරසයට ගොදුරුවන පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බවත් දැනට හමුවන රෝගීන් සියලූ දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් හමුවන බවත් පොලිස් මූලස්ථානය පවසයි.
හේමන්ත රන්දුනු