Divaina - කොමිෂන් සභා ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න බැහැ.... කථානායක මනූෂට කියයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කුෂාන් සුබසිංහ - රනිල් ධර්මසේන
 
 katha222කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේ අයිතිය ජනාධිපතිවරයා සතු බවත් කොමිෂන් සභා පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්නට නොහැකි බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24 වැනිදා) ප‍්‍රකාශ කළේය.
 
 රාජ්‍ය සේවා කොමිසමට පත් කරන ලදැයි කියන සාමාජිකයකු පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය බවට ගාල්ල දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයට පිළිතුරු ලෙස කථානායකවරයා එසේ පැවසීය.
 
 මනූෂ නානායක්කාර මහතා (සජබ* - කොමිෂන් සභා පාර්ලිමේන්තුව හරහා පත්කර යැවූ බවට මාධ්‍යවල වාර්තා පළ වුණා. ඒ පිළිබඳව නාමලේඛනයක්ද ඉදිරිපත් වී තිබුණා. එම ලේඛණයේ රාජ්‍ය සේවා කොමිසම යටතේ තිබුණ එක නමක් පිළිබඳව විමසීමක් කිරීමට අවශ්‍යයි.
 
 කථානායක - ඒ කොමිෂන් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න බැහැ.
 
 නානායක්කාර මහතා - කොමිෂන් සභාවලට නම් පත්කර යැවීමේදී රාජ්‍ය නිලධාරීන්ට අගතියක් නොවන ආකාරයට ඒවා සිදු කළ යුතුයි. එසේ යවන ලද එක් නමකින් රාජ්‍ය නිලධාරීන්ට යම් අගතියක් සිදු නොවනු ඇති බවට අපට කිව නොහැකියි.
 
 කථානායක - ඔබතුමා දැන් කතාව නතර කරන්න.
 
 නානායක්කාර මහතා - රාජ්‍ය සේවා කොමිෂන් සභාව යනු මේ පාර්ලිමේන්තුවෙන් පත් කරන කොමිසමක් නම් ඇයි ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරි.
 
 කථානායක - එම පත් කිරීම්වල සම්පූර්ණ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles