කීර්ති වර්ණකුලසූරිය
මෙරට කොරෝනා රෝගීන් පරීක්ෂාවට ලක් කරන ප්‍රධාන පී. සී. ආර් යන්ත්‍රය අක්‍රීය වී ඇත. මේ නිසා එය යථාතත්ත්වයට පත් කිරීම සඳහා චීනයෙන් තාක්ෂණික ශිල්පියකු ගෙන්වීමට ක්‍රියා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මෙම යන්ත්‍රය අකී‍්‍රය වීමට හේතු වී ඇත්තේ එය නොකඩවා දින 20 ක් එකදිගටම ක්‍රියාත්මක වීම බව ද වාර්තා වේ.