ලසිත දුමින්ද
අතිශය හදිසි අවශ්‍යතාවකට හැර ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට ඊයේ (29 දා* උපදෙස් දී ඇත.
භාණ්ඩ බෙදාහැරීමේ ජාලය මගින් වෛරසය ප්රාදේශීයව පැතිරයෑම වැළැක්වීමට සියලූ පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවත් සෞඛ්‍ය නිර්දේශ හැකි උපරිමයෙන් අනුගමනය කිරීම සියලූ තරාතිරම්වල පුද්ගලයන් සතු සමාජ වගකීමක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කොවිඞ් පොකුරු ඇතිවිය හැකි තැන් පිළිබඳව නිරතුරුවම අවධානය යොමු කරන ලෙසටත් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම අවදානම් කලාප තුළ මහජන ඒකරාශීවීම්, බස්නාහිර පළාතේ විවාහ මංගල්‍ය සහ ආගමික උත්සව ඇතුළු ජනතාව ඒකරාශීවන අවස්ථාවන්ට ඉඩ නොතබන ලෙසට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.