Divaina - අම්බලන්ගොඩ ධීවර වරායේ මාළු කිලෝ ලක්‌ෂයක්‌ කුණුවෙලා

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 බළපිටිය අනුර යසමිත්
 
 ambalangodඅම්බලන්ගොඩ ධීවර වරායේ මාළු කිලෝ ලක්‍ෂයක් පමණ කුණුවී ඉවත් කිරීමට සිදු වී ඇතැයි සමස්ත ලංකා ධීවර සංගමයේ සභාපති ඞී. ආර්. රංජිත් මහතා පවසයි.
 
 මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද කීය.
 
 මේ වන විට බෝට්ටු පහක පමණ මාළු හිරවී තිබෙනවා. දෛනිකව එන පිරිස ධීවර සංකීර්ණයට එන්නේ නැහැ. මේ නිසා පාළු ස්වභාවයක් ගෙන තිබෙන්නේ. ධීවරයා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. මාළු විකුණා ගන්න බැහැ. කුණුකොල්ලයට ගිහින් තිබෙන්නේ. එමෙන්ම ධීවර සංකීර්ණය අනාරක්‍ෂිතයි. මේ ගැටලූ ඉක්මනින් විසඳා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
 
 අම්බලන්ගොඩ ධීවර සංකීර්ණයේ කළමනාකරු හේමසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට පැවසුවේ මේ වන විට ධීවර යාත‍්‍රා හයසියයක් පමණ ලියාපදිංචි වී තිබෙන බවත් ඊට අමතරව කුඩා යාත‍්‍රා අසූවක් පමණ තිබෙන අතර මේ වන විට මාළු ගොඩබාන්නට නොහැකි බවත්වය.
 
 අම්බලන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඒ. ආර්. පාලිත මහතාගෙන් විමසූ විට පැවසුවේ, පී. සී. ආර්. තුන්සිය හැටක් කළ බවත්, ඒවායේ ප‍්‍රතිඵල තවම නොලැබුණු බවත්, ඒවා ලැබුණු පසු කළ යුතු ආරක්‍ෂිත පියවරවල් සෞඛ්‍ය වෛi නිලධාරිතුමියගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක කරන බවය.



 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles