Divaina - ගිනිගත් මහනුවර පුස්තකාල ශ‍්‍රවණාගාරයේ වටිනාකම හිටපු ප‍්‍රධානීන්ගෙන් අයකර ගන්න - ත‍්‍රිපුද්ගල මණ්ඩලය නිර්දේශ කරයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 7දහතුන් වසරකට පෙර ගිනිගෙන විනාශ වූ මහනුවර ඞී. එස්. සේනානායක මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ තක්සේරු වටිනාකම වන රුපියල් කෝටි හයකට ආසන්න මුදල මහනුවර මහ නගර සභාවේ එවකට සිටි නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරිය ඇතුළු බලධාරීන් පිරිසකගෙන් අය කළ යුතු බව මධ්‍යම පළාත් ප‍්‍රධාන හා පළාත් පාලන ලේකම්වරයා විසින් පත්කළ ත‍්‍රිපුද්ගල මණ්ඩලයක් මගින් නිර්දේශ කර තිබේ.

පළාත් පාලන සහකාර මහ කොමසාරිස් වත්සලා මාරඹේ, ගණකාධිකාරී එස්. එච්. ඒකනායක, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු මෙම මණ්ඩලයට ඇතුළත් වූහ.

මහනුවර ඞී. එස්. සේනානායක පුස්තකාල ශ‍්‍රවණාගාරය 2007 පෙබරවාරි මස 02 වැනිදා ගිනි ගැනීමට ලක්වූ අතර ඉන් මහජන පුස්තකාලයටද දැඩි අලාභහානි සිදුවිය.

මෙම සිද්ධියට අදාළව එවකට සිටි නගරාධිපති එල්. බී. අළුවිහාරේ මහතාගෙන් රුපියල් 7,812,500 .00 ක මුදලක්ද නාගරික කොමසාරිස් කේ.එම්. මීගස්මුල්ල මහත්මියගෙන් රුපියල් 1,250,00.00 මුදලක්ද නියෝජ්‍ය නාගරික කොමසාරිස් ආර්. එම්. එන්. රත්නායක මහත්මියගෙන් රුපියල් 937,500.00 ක මුදලක්ද නාගරික ලේකම් ශීලා ආරියසිංහ මහත්මියගෙන් රුපියල් 7,187,500.00 ක මුදලක්ද පුස්තකාලයේ එවකට සිටි පුස්තකාලයාධිපති එන්. එම්. එස්. නිල්තොටාංග මහත්මියගෙන් රුපියල් 62,50,000.00 ක මුදලක්ද නාගරික ගිනි නිවීමේ ඒකකයේ පළමු පෙළ ගිනිභට ඊ. ඒ. කේ. බී. රත්නායක මහතාගෙන් රුපියල් 62,50,000.00 ක මුදලක්ද යාන්ත‍්‍රික ගිනිභට එස්.කේ.එස්. දසනායක මහතාගෙන් රුපියල් 1,562,500.00 ක මුදලක්ද අය කරගන්නා ලෙස දැනුම් දී තිබේ .

එම ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම් හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් තිදෙනකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් පත්කළ අතර ඔවුන්ගේ නිර්දේශය මත එම වන්දි මුදල අයකර ගන්නා ලෙස මහනුවර නාගරික කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.

මෙම තීන්දුවට එරෙහිව අදාළ පිරිස විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව අදාළ මුදල් අයකර ගැනීම සම්බන්ධව තීරණයක් ගැනීම මහනුවර මහ නගර සභාව මගින් සිදුකළ යුතු බවට නිරීක්ෂණය කර ඇත. නගර සභා ආඥා පනතේ 254 අ (2) වගන්තිය යටතේ සභාවට අයවිය යුතු මුදල් අයකර ගැනීමේ වගකීම නාගරික කොමසාරිස්වරයා සතු බැවින් අදාළ අධිභාර මුදල් සම්බන්ධව තීරණයක් ගැනීම නාගරික කොමසාරිස් විසින් මුදල් කාරක සභාවට යොමුකර තිබේ.

සමන්තී වීරසේකර
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles